“ප්රජා ශක්ති” වැඩසටහන සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක්
රජයේ ප්රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන වන “ප්රජා ශක්ති” වැඩසටහන වෙනුවෙන් ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (13) පෙරවරුවේ ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් එම අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි.
ප්රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය සහ ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ග්රාම සංවර්ධන කාර්යාංශය සහ ග්රාම සංවර්ධන අභ්යාස හා පර්යේෂණ ආයතනය යන ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ග්රාමීය දිළිඳුකම තුරන් කිරීමේ ක්රියාවලිය තුළ සංවර්ධන අවශ්යතා සහ ප්රමුඛතා හඳුනාගැනීම, ග්රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා භාවිත කරනු ලබන දත්ත එකම ඩිජිටල් වේදිකාවක් වෙත ඒකාබද්ධ කිරීමේ හැකියාව සහ එම පද්ධතිය ක්රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයේ ලේකම් සම්පත් මන්ත්රීනායක මහතා, අතිරේක ලේකම් මේනක හේරත් මහතා, ග්රාම සංවර්ධන අභ්යාස හා පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ තිලිනි සුරංගිකා මහත්මිය ඇතුළු ප්රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයේ මාධ්ය ඒකකය
දුරකථන: 0778 755 746






















