සමගි ජන බලවේග ප්රධාන කාර්යාලයේ අද (14) පැවැති මාධ්ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්රී ස.ජ.බ මාලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘වර්තමාන රජය 22 වන ව්යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ හොරු ඇල්ලීමට බව ආණ්ඩුව ප්රකාශ කරනවා. නමුත් 2015 ත් 2019 ත් අතර යහපාලන ආණ්ඩු සමයේ ගොනු කළ නඩු වර්තමානයේ ක්රියාත්මක වන බව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායක අමාත්යවරයාම ප්රකාශ කළා.
වංචාවට , හොරකමට , දූෂණයට එරෙහිව කටයුතු ආරම්භ කළේ යහපාලන ආණ්ඩුව බව බිමල් රත්නායක අමාත්යවරයාම පිළිගෙන තිබෙනවා.
වංචා දුෂණ සම්බන්ධයෙන් වන ගොනු 400 ක් තිබෙන බව ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින ප්රකාශ කර තිබුණා. ඒ වගේම මෙම ආණ්ඩුව බලයට පැමිණි පසු ගොනු කළ නව නඩු ප්රමාණය පිළිබඳව ප්රශ්නයක් තිබෙනවා. කෙසේ නමුත් ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් අමාත්යවරයා සහ සභාපතිවරයා ඉල්ලා අස්වීමෙන්ම වැරැද්දක් සිදු වී ඇති බව පැහැදිලි වෙනවා. ඒ චෝදනා සඳහා ආණ්ඩුව වහාම අදාළ පුද්ගලයන්ට නඩු පැවැරිය යුතුයි. ඒ වගේම පරීක්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් 300 කට ආසන්න සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තා එළිදක්වා නැහැ. කෙසේ හෝ වර්තමාන ආණ්ඩුව යටතේ දූෂණය එන්න එන්නම වැඩි වී තිබෙනවා.
ඒ වගේම යම් පුද්ගලයෙකු හෝ ස්වාමීන් වහන්සේනමක් වැරැද්දක් කර ඇත්නම් අධිකරණ තීන්දුව පිළිගත යුතුයි. නමුත් වැරැද්දක් කර තිබෙන ස්වාමීන් වහන්සේනමකගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලය සහ අයිතිය ඇත්තේ සංඝ සභාවට පමණයි. අධිකරණ තීන්දුවලට ගරු කරන නමුත්, බෞද්ධ හෝ කතෝලික වේවා පූජකත්වය අහෝසි කිරීමේ හෝ සිවුර ගැලවීමේ අයිතිය ජනාධිපතිවරයාට හෝ අධිකරණයට නැහැ.
වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වය හමුවේ ජාත්යන්තර මූල්ය අරමුදල පවා ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ බසින බව ප්රකාශ කර තිබෙනවා. ඒ වගේම ඇමෙරිකාවද ලංකාව ආයෝජනයට සුදුසු ස්ථානයක් නොවන බව දන්වා තිබෙනවා. දිනෙන් දින ජීවන වියදම සහ භාණ්ඩ මිල ඉහළ යන අතර කිසිදු සංවර්ධනයක් සිදුවන්නේ නෑ. රටේ ආර්ථිකය නැගී සිටීමට නම් කෘෂි නිෂ්පාදනය වැඩි විය යුතු වුවද, අද වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ගොවියා අසරණ වී සිටිනවා. ජනාධිපතිවරයා පොළොන්නරුවේ ගොවි හමු පවත්වද්දී හෝ පාර්ලිමේන්තුවේ වී මිල පිළිබඳ කල්තැබීමේ විවාදය පැවැත්වෙද්දී කෘෂිකර්ම අමාත්යවරයා එහි සිටියේ නැහැ.
ඒ වගේම පෝට් සිටිය ඇතුළු කිසිදු ස්ථානයකට නව ආයෝජන පැමිණෙන්නේ නැහැ. ලෝක බැංකු වාර්තාවලට අනුව 2019 දී 4% ක් වූ දුප්පත්කම මේ වන විට 62 % දක්වා ඉහළ ගොස් ඇති අතර, ජනගහනයෙන් 31% කට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්රශ්න ඇති අතර දරුවන්ගෙන් 21% ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ වගේම නීතිඥවරුන්, වෛද්යවරුන් , ඇතුළු වෘත්තීයවේදීන් මෙන්ම මහා සංඝරත්නයද , ගොවීන්ද අද ආණ්ඩුව සමඟ දැඩි කලකිරීමකින් පසුවෙනවා.
ඒ වගේම පළමු වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට දුන් පොරොන්දුව ඉටු නොකර, මැතිවරණය කල් දැමීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටු වන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. විපක්ෂයේ මන්ත්රීවරුන් 4 දෙනා එ් තේරීම් කාරක සභාවෙන් ඉවත් වුණා. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙසත්, විශේෂයෙන්ම ඌව පළාතෙන් මැතිවරණය ආරම්භ කරන ලෙසත් ආණ්ඩුවට අභියෝග කර සිටිනවා.
ඒ වගේම 88/89 කාලයේ කතරගම පෙරහැරේදී බෝම්බ ගසන විට මා එතැන සිටියි. එහිදි අපට වෙඩි තිබ්බා. නමුත් අපි බය වුණේ නැහැ. ඒ වගේම 88/89 භීෂණ සමයේ දළදා මාලිගා පූජනීය භූමියට පැමිණ වෙඩි තබා ආරක්ෂකයන්ගේ ගිනි අවි පැහැරගෙන ලේ හැලුවා. එම අඳුරු අතීතයේ සත්යය හෙළි කිරීම සම්බන්ධයෙන් මහානායක හිමියන්ට ස්තූතිවන්ත වෙනවා. 1987 දෙසැම්බර් 31 වනදා මහනුවර පෙරහැර ආසන්නයේ බෝම්බ පිපිරීමෙන් කිහිපදෙනෙකු මියගියා, කෙසේ නමුත් වසර 37 කට පසු මෙම ත්රස්තවාදී ක්රියා පිළිබඳ සත්යය එළියට පැමිණීම ගැන සතුටු වන බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ ඩිජිටල් හෝ සමාජ මාධ්ය ත්රස්තවාදයට බිය නොවී රටට සත්යය ප්රකාශ කරන්න කටයුතු කරනු ලබනවා.
ඒ වගේම වත්මන් කථානායකවරයාගේ අක්රමිකතාවලට එරෙහිව චෝදනා 48කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක් භාර දී තිබෙනවා. වී මිල , ගල් අඟුරු වංචාව සහ කන්ටේනර් සිදුවීම ඇතුළු සියලු මහජන ප්රශ්න වෙනුවෙන් පෙනී සිටින්නේ සමගි ජන බලවේගයයි. සමගි ජනබලවේගය ප්රජාතන්ත්රවාදි පක්ෂයක් ලෙස කඩාකප්පල්කාරී කටයුතු සිදුකරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්යාල සිසුන් පාරට බස්සලා උද්ඝෝෂණ , විරෝධතා පවත්වනවා. එවැනි කටයුතු සිදුකර ජාත්යන්තරය ඉදිරියේ රට අපහසුතාවයට පත් කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ.‘‘






















