Sunday, November 1, 2026
HomeNEWSප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර...

ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා සඳහන් කරන්නේ එම කැපවීම ශ්‍රී ලංකා වෙත තව දුරටත් සහයෝගය ලබා දීම සඳහා හේතුවක් වන බවයි. ඔහු මේ බව කියා සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමග ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දී ය. එහි දී විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් නියමිත පරිදි අවසන් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.

මෙහි දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහය අගය කළේ ය. දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීම මෙරට තිරසර ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතු වන බවයි. විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබා දෙන සහ යෝගය පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img