ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගිය දිනෙක මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ නිරීක්ෂණයක නිරත වූ අතර නිරීක්ෂණය අවසානයේ නැවත පොළඹ බලා පැමිණෙන විටදී මීරිගම පිටවීමේ දී පොලිස් නිලධාරීන් වාහනය නතර කළ අතර එහිදී ඔවුන් පවසා සිටියේ වේගසීමාව ඉක්මවා ධාවනය කර ඇති බවත් ඒ සඳහා දඩයක් නිකුත් කළ යුතු බවත්ය. පොලිස් නිලධාරීන් රියැදුරුගේ විමසා සිටියේ වාහනේ සිටින්නේ කවුරුන්ද කියාය. රියදුරු පවසා සිටියේ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා බවත් අධිවේගී මාර්ගයේ රාජකාරි නිරීක්ෂණයක් සඳහා කුරුණෑගල ගොස් ආපසු යන බවත්ය. පොලිස් නිලධාරීන් වෙනදා සුපුරුදු විදිහට වාහනේ ළඟට ඇවිත් අමාත්‍යතුමාගෙන් සමාව ඉල්ලා දඩය ගෙවීමට අවශ්‍ය නොවන බවත් දන්වා සිටි අතර අමාත්‍යතුමා පවසා සිටියේ වැරැද්ද වැරැද්දමයි රියැදුරු වරදක් කළ නිසා දඩය ලියන්න අපි සාමාන්‍ය පුරාසියක් විදිහට දඩය ගෙවලා යන්නම් කියාය. එම අවස්ථාවේ එතැන සිටි සියලු නිලධාරින් මූණට මුහුණ බල්ගැසී පුදුමයට පත්වී සිටි බවක් දක්නට ලැබුණි.






















