ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද උදෑසන සිට ඉවත් කරයි
කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක මේ අවස්ථාවේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අද උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග සම්බන්ධවෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් යුද හමුදාපතිවරයා සඳහන් කළේ මේ දක්වා හුදකලා කරඇති බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 අද දිනයේ හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බවය.
ඒ සම්බන්ධයෙන් නිවේදනය තවත් සුළු මොහොතකින් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.






















