ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ විදේශ අමාත්‍යවරුන් අතර මැලේසියාවේ දී ද්විපාර්ශ්වික හමුවවිදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ක්වාලාලම්පූර්හි පැවැත්වෙන 58 වන ආසියාන් කලාපීය සංසදයේ අමාත්‍ය රැස්වීමට සහභාගී වීමට සමගාමීව, පකිස්ථානයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය සෙනෙට් සභික මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා සමඟ ද්විපාර්ශ්වික හමුවක් පසුගිය දා පැවැත්වීය.ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවත්නා දිගුකාලීන හා ශක්තිමත් සබඳතා පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා ප්‍රසාදය පළ කළහ. ඉහළ මට්ටමේ හුවමාරු සහයෝගීතාව, ආර්ථික සහයෝගීතාව, ආගමික සංචාරක සහ අධ්‍යාපනික හවුල්කාරිත්වයන් ඇතුළු පුළුල් පරාසයක සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය කරුණු පිළිබඳව ද අමාත්‍යවරු දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ.මෙම හමුව දෙරට අතර ඓතිහාසික හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි දෙරටේ උනන්දුව නැවත තහවුරු කළේය.
























