Friday, September 18, 2026
HomeNEWSපාඩු ලබන රාජ්‍ය ආයතනවලට කරන්න යන්නේ කුමක්ද?

පාඩු ලබන රාජ්‍ය ආයතනවලට කරන්න යන්නේ කුමක්ද?

වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුව, එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, එම නිර්දේශවලට ඇතැම් රාජ්‍ය ආයතන ඈවර කිරීම, ඇතැම් රාජ්‍ය ආයතන සඳහා රජයේ මැදිහත් වීම අවසන් කිරීම සහ ඇතැම් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම ඇතුළත්ව තිඛෙන බවත්, එම කමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.ඒ යටතේ අමාත්‍යාංශ හයකට අයත් වාණිජ නොවන රාජ්‍ය ආයතන 12 ක් ඈවර කිරීමට නියමිතව ඇති අතර, මහවැලි අධිකාරිය සහ කජු සංස්ථාව ද ඒ යටතේ වසා දැමීමට නියමිතය.එලෙස ඇවර කිරීමට නිර්දේශ කර ඇති රාජ්‍ය ආයතන අතරට ගාලු උරුම පදනම, ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඇතුළත් වේ.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී ජාලය එක කළමනාකාරිත්වයක් යටතට ගෙන ආ යුතු බවට ද කැබිනට් මණ්ඩලය පත් කළ එම කමිටුව නිර්දේශ කර ඇත.එමගින් එම ආයතන වල කාර්යක්ෂමතාව මෙන්ම වාණිජ වශයෙන් යැපිය හැකි බව ද ඉහළ යනු ඇතැයි කමිටු වාර්තාවේ සඳහන් කර තිබේ.කළමනාකාරිත්වය එක් තැනකට ගෙන ඒම සඳහා යෝජනා කළ ද, ඉහත මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු ආයෝජන ප්‍රමාණයක් ලබාගත යුතු බව ද කමිටුවේ මතය වී ඇත.ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කිරීමටත්, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය තල් සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කිරීමටත්, කමිටුව එම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.රටේ සියලුම ව්‍යවස්ථාපිත වාණිජ නොවන රාජ්‍ය ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පත් කරන ලදී. රාජ්‍ය සේවා සැපැයීම ශක්තිමත් කිරීම C300 එම ආයතන වලට ආවේණික අකාර්යක්ෂමතා ආමන්ත්‍රණය කිරීම එහි අරමුණ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img