Tuesday, November 10, 2026
HomeNEWSපානදුර ගිලන් රථ රියදුරාව රඳවාගෙන ප්‍රශ්න කරයි

පානදුර ගිලන් රථ රියදුරාව රඳවාගෙන ප්‍රශ්න කරයි

පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පැමිණිලිකාර ගිලන් රථ රියදුරා සහ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පානදුර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.

ඊයේ (03) රාත්‍රියේ අදාළ අවසරය ලබාදී ඇත්තේ කළුතර අපරාධ කොට්ඨාසය වෙතය.

අධිකරණයට ඉදිරිපත් කළ අනෙක් සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ. 

ඒ අනුව කළුතර උතුර තොටුපොළ පාරේ පදිංචි ගිලන් රථ  රියැදුරා සහ පානදුර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි වෙඩිතැබීමට යතුරුපැදිය පදවාගෙන පැමිණි  පුද්ගලයයා වෙනුවෙන් එලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

ඉකුත් ජනවාරි 27 වනදා මෙම වෙඩිතැබීම සිදුවිය. 

කළුතර අපරාධ කොට්ඨාසය විසින් වින්දිත ගිලන් රථ රියදුරාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත වසරකට අධික කාලයක සිට දිවයිනේ ප්‍රදේශ රැසක සිට මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ ඔහු ගිලන් රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය.

ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම රැඳවුම් නියෝගය ලබාදෙන ලදී. 

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සතුව තිබී
විදේශීයව නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 10ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

තවත් සැකකරුවකු සතුව ලක්ෂ ගණනක මුදල් සංසරණය වූ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇත.

ඔහුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය  ජාවාරම්වලට සම්බන්ධ බවට අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img