Wednesday, September 23, 2026
HomeNEWSපාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ව්‍යාප්ත කෙරේ

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ව්‍යාප්ත කෙරේ

කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමට හඳුන්වාදුන් “පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්“ සේවාව ඉදිරි සති කිහිපයේ දී පිළියන්දල 120 බස් මාර්ගයට සහ ගාලු පාරේ, මොරටුව – කොළඹ බස් මාර්ගයට මෙන්ම දිවයිනේ තවත් ප්‍රධාන නගර කිහිපයකටම ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.

දැනට කොළඹ ආශ්‍රිත බස් මාර්ග 4ක පමණක් ධාවනයට යොදවා ඇති  ”සිටි බස් ” රථවලින් සැලකිය යුතු ආදායම් ඉපයීමක්ද සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ඉකුත් ජනවාරි 15 වනදා නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර දැනට එම බස් සේවාව කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට 138, 174, 112 සහ 115 යන බස් මාර්ගවල ධාවනයට යොදවා තිබේ.

මගීන්ට සිය පුද්ගලික රථයෙන් පැමිණ එම බස් රථ සේවාවට අදාළව ස්ථාපිත කර ඇති රථගාල්වල සිය රථය නවතා සිටි බස් රථයට ගොඩවිය හැකිය.

මෙහි විශේෂත්වය වන්නේ එම බස් රථ සේවාවටම නිර්මාණය කෙරුණු ”සිටි බස් ” ඇප් එක හෙවත් ජංගම දුරකථන යෙදවුමෙන් බස් රථ ඇති ස්ථාන, ඊළඟට පැමිණෙන බස් රථය කුමක්ද යන්න ඇතුළු තොරතුරු රැසක්ම මාර්ගයේ රස්තියාදු නොවී දැනගැනීමට මගීන් අවස්ථාව හිමිවීමය.

සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකහමාරක මුදලක් “සිටි බස්” රථයේ අය කෙරෙන අතර ගෙවුණු මාස තුන හමාරක කාලය තුළ ඉන් සැලකිය යුතු ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img