Wednesday, August 5, 2026
HomeNEWSදෙරණ අනාවරණයෙන් පසු කාසල් රෝහලට PCR යන්ත්‍රයක්

දෙරණ අනාවරණයෙන් පසු කාසල් රෝහලට PCR යන්ත්‍රයක්

කාසල් රෝහල සඳහා PCR යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බූටාවත්තේ ශ්‍රී සරණංකර නාහිමියන් පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීමේදී PCR යන්ත්‍රයක් නොමැති වීමෙන් කොළඹ කාසල් කාන්තා රෝහලේ බලධාරීන් පත්ව ඇති දැඩි දුෂ්කරතාවය පිළිබඳ “අද දෙරණ“ පසුගිය දෙසැම්බර් 24 වනදා රටට අනාවරණ කළේය.

එම අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස කාසල් රෝහලට අවශ්‍ය එම PCR යන්ත්‍රය සිය පදනමෙහි පරිත්‍යාගයක් ලෙස කඩිනමින් ලබාදීමට මැලේසියාවේ ප්‍රධාන සංඝනායක නාහිමියන් ඉදිරිපත් විය.

කොළඹ කාසල් කාන්තා රෝහලේ බලධාරීන්ට එය මහත් අස්වැසිල්ලක් විය.

උන්වහන්සේගේ ප්‍රධාන ශීෂ්‍ය ශ්‍රී සරණංකර පදනමේ සභාපති පූජ්‍ය බදුල්ලෙගම සිරිවිමල හිමියන් විසින් එය රෝහල වෙත එලෙස පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව, අදාළ PCR යන්ත්‍රය මිල දී ගැනීම සඳහා ස්ථාපිත බැංකු ගිණුමට පරිත්‍යාගශීලීන් තැන්පත් කළ අරමුදල් යොදාගනිමින් PCR යන්ත්‍රය සඳහා අවශ්‍ය රසායනාගාරය ගොඩනැගීම සිදුකෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img