වර්තමානයේ සිංහල ජාතිකත්වය අවුරුදු සමයට පමණක් සීමා වී ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ පවසති.
කෙසේවෙතත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද අතීතයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති අතර එය එතරම් කාලෝචිත තත්ත්වයක් නොවන බව උන්වහන්සේ පෙන්වාදෙති.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනාහිමි මේ බව සඳහන් කළහ.






















