Friday, November 13, 2026
HomeNEWSපාර්ලිමේන්තුවට ආ රාවණාගේ කතාව.

පාර්ලිමේන්තුවට ආ රාවණාගේ කතාව.

පාර්ලිමේන්තුවට ආ රාවණාගේ කතාව.

මහාවංශයටද එහා ගිය අප ඉතිහාසය පිලිබදව විධිමත් අධ්‍යයනයක් අවශ්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.08.11 ) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් අදහස් දැක්වීය

අප කුඩා කාලයේ ආනන්ද කුමාර් ලංකාවෙන් ලෝක වාර්තාවන් තබා තිබුණා. දගර නැටුමට, තනි කකුලෙන් සිටගෙන සිටීමට, පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා යෑමට වාර්තා තැබුවා. ඒවා දැන් අලුත් වෙලා ගිනස් පොතට අලුත් වාර්තා ගිහිල්ලා. නමුත් අපේ වාර්තා දෙකක් කාටවත්ම කඩන්න බැහැ. පලමු වාර්තාව තමයි වසර 2300ක් අඛණ්ඩව බහුතරයේ ආගම විදිහට එකම ආගමක් අදහමින් ඉදීම. ඒ තමයි බුදු දහම. දෙවෙනි කාරණය තමයි අඛණ්ඩව වසර 2600 ක ලිඛිත ඉතිහාසයක් තිබීම. ඒ තමයි අපේ මහා වංශය.

ලෝකයේ දිගම ලිඛිත ඉතිහාසය අපට තියෙන නිසාදෝ අපි මහා වංශය පිළිබඳවම කතා කරමින් සිටිනවා මිස මහාවංශයෙන් ඔබ්බට ගිය අපේ ඉතිහාසය පිළිබඳව සොයන්නට උනන්දු වන්නට අමතක කරලා තියෙනවා. අපේ දීර්ඝකාලීන ඉතිහාසය පිළිබඳව මහාවංශය ම ඉඟි පළ කරනවා. විජය කුමාරයා ලංකාවට එනවිට කුවේනිය සිටින්නේ කපු කටිමින්. එදා රාජ මංගල උත්සවයක්. මහා සැනකෙළියක්. සිරිසවත්ථු කියන මහා නගරයේ පැවැත්වෙන සැණකෙළිය ගැන කියන්නේ මහා වංශයයි. මත්පැන් පානය කරලා නටලා වෙහෙසිලා නිදා හිටපු පිරිසක් තමයි විජයගේ පිරිස වීරයෝ වගේ ඇවිදින් මරා දමන්නේ. මහාවංශය කියනවා ඔවුන්ව මරා දැමුවා විතරක් නෙමෙයි මරාදැමූ පිරිසගේ ලේ වැකුණු ඇඳුම් විජයගේ පිරිස විසින් තමන්ගේ ඇදුම් ඉවත් කර ඇඳ ගත්තා කියලා. එහෙම නම් එදා අපේ දේශීය ඇදුම් කෙතරම් විසිතුරු වෙන්න ඇඳ්ද මළ මිනියක තිබූ ලේ වැකුණු ඇඳුම් පවා ගලවා ඇඳ ගන්න.

රාමායනයේ තියෙන්නේ අපේ ආක්‍රමණිකයාගේ කතාව. රාම කුමාරයා ඇතුළු ලංකාව ආක්‍රමණය කරන්නා වූ පිරිසගේ කතාව තමයි රාමායනේ තියෙන්නේ. අපේ සතුරා වුවත් අප රට තුළ තිබූ තාක්ෂණික දියුණුව ගැන වර්ණනා කරනවා. ඉන්දියාවේ අය එදා අහසින් ගමන් කර තියෙන්නෙ සෘදි බලයෙන්. සිත දියුණු කරලා. අපේ අය ගමන් කළේ තාක්ෂණය දියුණු කරලා. එදා ගුවන් යානා ගැන රාමායනය කතා කරනවා. හනුමන්තා සීතා කුමරිය සොයා ගෙන එද්දී රාවණ රජතුමාගේ මහා ප්‍රාසාදයේ ඉහලට යන්න තිබෙන්නේ සෝපානයක්. මේසා විශාල තාක්ෂණයක් අපේ රටේ තිබුණා කියලා කියන්නේ අපේ සතුරන්මයි.

ඇතැමුන් මෙය මිථ්‍යාවකැයි කීමට උත්සාහ දරනවා. නාසා ආයතනය විසින් 2001 කාබන් පරීක්ෂාවක් කරලා මේ හනුමාන් පාලම වසර හත්දහසක් පරණ යැයි කියනවා. රාමායනයේ මෙය ඉදි කළ යුගය ලෙසින් සැලකෙන යුගය මයි කාබන් පරීක්ෂාවෙන් ද තහවුරු වෙන්නේ.

රාවණා රජු අප වන්දනා කරනවා. රාවණා රජුන් ගැන හොයන්න පර්යේෂණ කරන්න අදහන්න අපව යොමු කරපු අරිසෙන් අහුබුදු ශූරීන්ට ප්‍රණාමය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්න ඕනෑ. රාවණා රජු හුදෙක් රණ ශූරයෙක් විතරක් නොවෙයි. වෙදකම ජෝතිෂය වාදනය ක්‍රීඩාව වැනි විශයන් දහයකට ඔහු නිපුනයෙකු වුණු නිසයි ඔහුට දසිස් කිව්වේ. සමහරු හිතන්නේ ඔළු ගෙඩි දහයක් තිබ්බා කියලයි. නමුත් ඔහුට ඔළු ගෙඩි දයක් නෙවෙයි ඔළුගෙඩි දහයක දැනුම තිබුණා. තවත් සමහරු කියන විදිහට වේධ දහයයි උපනිෂ්ද් හයයි පිළිබඳව ඔහුට තිබුණු මහා දැනුම නිසයි දසිස් කිව්වේ.

රාමායනය යනු අපේ සතුරාගේ කතාවයි. සෑම කතාවකටම කතා තුනක් තියෙනවා. මිතුරු පිලේ කතාව. සතුරු පිලේ කතාව. ඒ දෙක මැද ඇති ඇත්ත කතාව. රාමායනයේ තියෙන්නෙ අපේ සතුරු පිලේ කතාව. අපේ රාවණ ගේ කතාව කෝ. බලි තාරක යුගය ගැන අප කිසිදු පරීක්ෂණයක් කරලා නැහැ. බලන්ගොඩින් සොයා ගත් අපේ ජනාවාසය වසර හතළිස් දහසක් පරණයි. දකුණු ආසියාවේ මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ජනාවාස ලෙසින් හැඳින්වෙන්නේ මෙම ජනාවාස යයි. මෙය තවදුරටත් මිත්‍යාවක් ලෙසින් බැහැර නොකොට මේ පිලිබද විධිමත් අධ්‍යයනයක්, පර්යේෂණයක් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img