Sunday, September 13, 2026
HomeNEWSපාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට සංශෝධනයක් ගේනන ආණ්ඩුව සැරසෙයි-එස්.එම් මරික්කාර්.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට සංශෝධනයක් ගේනන ආණ්ඩුව සැරසෙයි-එස්.එම් මරික්කාර්.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට සංශෝධනයක් ගේනන ආණ්ඩුව සැරසෙයි

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධන කරන්න ආණ්ඩුවේ උත්සාහයක් තිබෙන බවත් ඒ සඳහා තුනෙන් දෙක ලබාගන්න නම් විපක්ෂයේ සහය අවශ්‍ය වන බවත් ඒ සඳහා විපක්ෂය සහය ලබාදෙන්නේ නැති බවත් ඒ අනුව මැතිවරණය පැවැත්විය යුතු බවත් මැතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යෙන් ජයග්‍රහනය කරන බවත් සජිත් ප්‍රේමදාස අගමැතිවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ ඡන්දවලට භය වුණාට කරන්න දෙයක් නැති බවත් රටේ ජනතාව සිටින පීඩනය පිට කරන්න තිබෙන එකම අවස්ථාව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම බවත් ජනතාවගේ කතිරයට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් බාධා කරන්න නොහැති බවත් ඒ මහතා හෙතෙම කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (10) විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.

‘‘පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් ගේනන කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා කියලා ආරංචි වෙනවා. රටේ ජනතාවට කන්න නැතුව ඉන්න කාලයක , බෙහෙත් නැති කාලයට , දරුවන්ට පාසල් යන්න නොහැකි කාලයක , විශ්‍රාමිකයෝ නොමැරී මැරෙද්දි , තරුණ පරම්පරාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් නැති වෙලාවක , මධ්‍යම පන්තිය පාරට වැටී තිබෙන වෙලාවක , දුප්පත් පන්තිය කාණුවට වැටිලා තිබෙන වෙලාවක ඇයි මැතිවරණ සංශෝධනයකට යෝජනා ගේන්න හදන්නේ.
රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ ඉන්න පසුපෙළ පිරිස අන්දන්න තමයි මේ වැඩේ සිදුකරන්න යන්නේ.

පොහොට්ටුවේ පසු පෙළ අයට කියන්න ඕන රනිල් වික්‍රමසිංහ කරන්නේ හීන ලෝකවල ගැට අඹරන එක. පාර්ලිමේන්තු මැතිවරණය වෙනස් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථා සංශෝධනයක් ඕන නම් අනිවාර්යෙන් තුනෙන් දෙකක් ඕන. ඊට පස්සේ තමයි ජනමත විචාරණයකට යන්න වෙන්නේ. අපි කියනවා මේ සංශෝධන සඳහා තුනෙන් දෙක ලබාදෙන්නේ නෑ කියලා. රනිල් වික්‍රමසිංහට ඕන විදිහට ඡන්දකල් දාන්න අපි ඉඩ දෙන්නේ නෑ. පොහොට්ටුවේ අයට අපි කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ගැට වලට අහුවෙලා දේශපාලන අනාගතය විනාශ කර ගන්න එපා කියලා.

රනිල් වික්‍රමසිංහ දන්නවා පොහොට්ටුවෙන් ඔහුට ජනාධිපතිධූර අපේක්ෂකත්වය ලැබෙන්නේ නෑ කියලා. රනිල් වික්‍රමසිංහ මේ කරන්න යන්නේ බැසිල් රාජපක්ෂව භය කරන්න පොහොට්ටුවේ පසු පෙළ කණ්ඩායමක් අල්ලාගෙන ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ උත්සාහයක. පොහොටුටුවේ අයට මේ වගේ කැරට් අල දෙද්දි වික්‍රමසිංහ මහත්තයා දෙවැනි වැඩපිළිවෙලක් ගෙනියනවා. දෙවැනි වැඩපිළිවෙල තමයි එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන එක.

රනිල් වික්‍රමසිංහට ඡන්දය ඉල්ලන්න බැරි වුණාම මහ මැතිවරණයට යන්න වෙන බව ඔහු දන්නවා එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක මන්ත්‍රීධූරයක් ආවොත් ඒක රනිල් වික්‍රමසිංහට ගන්න එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරන්න යන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි වුණාම එළඹෙන මහ මැතිවරණයෙන් පසුව පක්ෂ නායකත්වය ගැන ගැටලුවක් එනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ ගැටලුව විසඳගන්න බැරි වෙනවා. ඒ නිසා මේක විධායක සභාවට දානවා. විධායක සභාවේ ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ පිරිස. රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රැකගත්තාම ලබන අවුරුද්දේ ධූර කාලය ඉවර වුණාම නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ගේමක් ගහන්න පුලුවන් කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක මේ සඳහා ලබාදෙන්නේ නෑ. කොහොමත් රනිල් වික්‍රමසිංහ මුට්ටිය දාලා බලනවා. කරබාගෙන හිටියොත් අපේ ඔලුව උඩ වාඩිවෙනවා. ඒකට විරුද්ධව කතා කළොත් දැක්කේ නෑ වගේ යනවා.

රනිල් වික්‍රමසිංහ ඡන්ද වලට භය වුණාට කරන්න දෙයක් නෑ. රටේ ජනතාව මිරිකිලා ඉන්න පීඩනය පිට කරන්න තිබෙන එකම අවස්ථාව තමයි සාධාරණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයක් පැවැත්වීම. ජනතාවගේ කතිරයට අවස්ථාව ලබාදෙන එකට බාධා කරන්න බෑ.

2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාලගේ ඡන්දය ලැබුණ නිසා හරි ගියා. 2015 ප්‍රාදේශීය සභා ඡන්දක්‍රමය වෙනස් කරලා මේ වගේ වැඩක් තමයි කළේ. පළාත් සභා ඡන්දයෙන් පරදියි කියලා ඒ ඡන්ද ක්‍රමයත් වෙනස් කළා.

ජනාධිපතිවරණය කල් දාන්න බැ කොහොමත්. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය අනිවාර්යෙන් ලබන අවුරුද්දේ අගොස්තු වල මැතිවරණය කැඳවන්න ඕන. රනිල් වික්‍රමසිංහට රැවටිලා ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කියන්න ඕන එයාලගේ ගොඩක් කට්ටිය අපිත් එක්ක සාකච්ඡා කරනවා. ලබන පාර නාමයෝජනා ඉල්ලනවා.

අය වැය සහ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජය වෙයි කියලා බයවෙලා ඉන්න වික්‍රමසිංහ මහත්තයාට තුනෙන් දෙක හම්බවෙන්නේ නෑ. අනීතික දේවල් කරන්න ලැස්ති වුණොත් ජනතාව පෙළ ගස්සනවා.

ජන මතය ජනතාව සතු දෙයක්. ඒක බලෙන් ගන්න බෑ. හරිදෙයක් කරලා තියෙනවානම් ජනතාවගේ සෑබැ ප්‍රශ්නවලදී සංවේදීව කටයුතු කරලා තියෙනවානම් බය වෙන්න දෙයක් නෑ. රනිල් වික්‍රමසිංහ ආවට පස්සේ ඩොලර් බිලියන 80 තිබ්බ ණය බර තව ඩොලර් බිලියන 13 කින් විතර වැඩි වෙලා තියෙනවා. තුන්වේල කාපු මිනිස්සු දෙවේලක් කන මිනිස්සු බවට පත් කරලා. දෙවේල කන මිනිස්සු ලෙව කන තත්ත්වයට පත් කරලා. රටේ මිනිස්සු ආණ්ඩුව ගැන දැඩි වෛරයකින් ඉන්නේ.

අලුත් වෙළඳ පොලවල් ග්‍රහනය කර ගන්නේ නැතුව වතුර / ගෑස් / ඉන්ධන / බඩු මිල වැඩි කරලා මිනිසුන්ගේ රීරි මාංශ උරාබොන තැනකට අද ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. වතුර බිලයි විදුලි බිලයි ගෙවලා ඉවර වුණාම ළමයි පාසල් යවන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.

විවිධ පනත් ගෙනල්ලා මාධ්‍යවේදීන් , සමාජ ක්‍රියාකාරීන් දඩයම් කරමින් රටේ බුද්ධිමත් උගතුන්ට සවන්දෙන්නේ නැතුව ආණ්ඩුව කටයුතු කරගෙන යනවා.
ආණ්ඩුවේ කුහක ඇමැතිලා කියනවා රට දාලා යන්නේ ආත්මාර්ථ පිරිස් කියලා. ආත්මාර්ථකමින් රටේ දේපළ මංකොල්ල කාපු ඒ ඇමැතිලා නිසා තමයි වෛද්‍යවරු ඉන්ජිනේරුවරු රට දාලා යන්නේ.

අපි තොරතුරු තාක්ෂණ / මූල්‍ය වෙළදපොලට ඇතුළත් වෙලා නෑ නිෂ්පාදන වැඩි කරන්න සාධනීය පියවරක් අරගෙන නෑ. සංචාරක ව්‍යාපාර වැඩි කරන්න කිසිම දෙයක් කරලා නෑ. ඒ නිසා අයි එහ් එෆ් එකේ කකුල් දෙක ළඟ දන ගහගෙන වැදගෙන ඉන්න සිදුවෙලා තියෙනවා.

නීති විරෝධි මැතිවරණ සංශෝධන පනතට තුනෙන් දෙක ලබාගන්න නම් විපක්ෂයේ සහය අවශ්‍ය වෙනවා. අපි ඒ සහය ලබාදෙන්නේ නෑ. ඒක නොදුන්නොත් මැතිවරණයක් එනවා. මැතිවරණයකදී අපි අනිවාර්යෙන් දිනනවා. අපි ආණ්ඩු හදනවා. සජිත් ප්‍රේමදාසව අගමැති කරනවා.‘‘

======================================================

ප්‍රශ්නය – මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීම පිළිබඳ ලබාදුන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ඔබතුමා දකින්නේ කොහොමද?

පිළිතුර – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන මම ඉතාම සතුටින් ඉන්නේ. පක්ෂයකින් පාර්ලිමේන්තු ආපු අය පාර්ලිමේන්තු ආවේ පක්ෂයට දෙන කතිරයට ලැබෙන මනාපයට. ඒ අයට තනි තනි ජන මතයක් තියෙනවානම් ස්වාධීනව ඉල්ලලා එන්න පුලුවන්නේ. අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ සමගි ජනබලවේගයට ඡන්දය දීපු මිනිස්සුන්ගෙන් අපිට ලැබුණ මනාපය නිසා. අපි ජනතාව එක්ක් ඉන්න නිසා වැඩිපුර මනාප ලැබිලා තියෙනවා. පක්ෂය වැරදි තීන්දුවක් ගන්නා අවස්ථාවක ස්වාධීන වෙනවා වෙනුවට තමන්ට ඡන්දය දුන්න ජනතාවගේ බලාපොරොත්තු විනශ කරලා ඇමැති කටු සූප්පු කරන්න කොමිස් ගහන්න හොරකම් කරන්න හිටපු අයට හොද වැටේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img