මත්ද්‍රව්‍ය භාවිත කිරීම චෝදනාවට බන්ධනාගාරගතවන සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සිසුන් සංඛ්‍යාව 5000ක් දක්වා ඉහළගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන වෙත එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා,
“2015 වසරේ පාසල් නොගිය පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතකර තිබෙනවා. ඒක 190ක් දක්වා 2021 වනවිට අඩුවෙලා තියෙනවා. නමුත් පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ හදාරණ සිසුන් බන්ධනාගාරගතවීමේ ප්‍රමාණය ඉහළගොස් තියෙනවා. එය 2015 වර්ෂයේදී තිබුණේ 2000ක් විතර 2021 වෙනකොට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතවෙන සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ හදාරණ සිසුන් සංඛ්‍යාව 5000ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒකෙන් පේනවා මේ වයස අවුරුදු 16ත් 17ත් අතර උගත් සිසුන් පිරිසක් වැඩිවෙලා තියෙනවා කියන එක. ඒක හොඳ ප්‍රවණතාවක් නෙවෙයි. තව එකක් කියන්න ඕන 2015දී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතවෙන ය අතරින් 30ත් 40ත් අතර වයස්වල පසුවන පිරිස තමයි වැඩිපුර හිටියේ. දැන් මේ වෙනකොට 22යි 30යි අතර කොටස වැඩිවෙලා. මේ ඔක්කොම අධ්‍යයනය කළාම මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වෙන තරුණ කොටස් ප්‍රමාණය වැඩිවීමක් තියෙනවා. 2020 වසරේ උපාධිධාරීන් 22ක් මත්ද්‍රව්‍ය භාවිත කරලා බන්ධනාගාරගතවෙලා තියෙනවා.”






















