Tuesday, September 22, 2026
HomeNEWSLatest Newsපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම ගැන සාකච්ඡාවක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම ගැන සාකච්ඡාවක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම ගැන සාකච්ඡාවක්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ ව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිවන නිවාස 24 ව්‍යාපෘතිය නැවත ආරම්භකොට කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අගමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ඊට අමතරව දැනට ඉඩම්හිමි පුද්ගලයන් වෙනුවන් තවත් නිවාස 5ක් කටුවාපිටිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීමට නියමිතය.

ප්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹ අවට කුලී නිවාසවල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවාස 33ක් වෙන්කර දෙන ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන් දැනුවත් කළේය.

මෙම පිරිසට අමතරව බදුල්ල, මහනුවර ඇතුළු රටපුරා විසිරී සිටින ප්‍රහාරයෙන් පීඩාවටපත් පවුල් 11ක් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවලින් නිවාස අවශ්‍යතා සපුරාදීමටද මෙහිදී එකඟතාවය පළවිය.

විපතට පත්වූවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මඟින් ලබාදෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝහල් කාමර පහසුකම් සැලසීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

ඊට අමතරව මුදල් අමාත්‍යංශ ප්‍රතිපාදන යොමු කරමින් දැනට ඉදිකිරීම් නැවතී තිබෙන කටුවාපිටිය දහම් පාසල රුපියල් මිලියන 60කට අධික මුදලක් වැයකරමින් ඉදිකර අවසන් කිරීම, ප්‍රහාරයෙන් විනාශයටපත් කොච්චිකඩේ දේවස්ථානයේ කලින් සැලසුම් කළ පරිදි නාවික හමුදාවට ප්‍රතිපාදන යොමුකර ඉදිකර අවසන් කිරීමටත් මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පසුගිය ආණ්ඩුව කොච්චිකඩේ දේවස්ථානය නව සැලසුමකට ඉදිකරදෙන බව පැවසුවද, එය අදාළ පරිදි අවසන් නොකළ බව මෙම හමුවේදී හෙළිවිය.

ප්‍රහාරයෙන් පීඩාවට පත්ව ණය වාරික ගෙවා ගත නොහැකි, දැනට ඉල්ලීම් කළ පුද්ගලයන් වෙනුවෙන් සැලසිය හැකි ණය සහන සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කරන්නැයි අගමැතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට දැනුම්  දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img