Saturday, August 22, 2026
HomeNEWSපාස්කු කොමිෂන් වාර්තාවට එරෙහි විරෝධය

පාස්කු කොමිෂන් වාර්තාවට එරෙහි විරෝධය

පාස්කු කොමිෂන් වාර්තාවට එරෙහි විරෝධය

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ඇතැම් නිර්දේශ කිසිසේත්ම පිළිගත නොහැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ එම ප්‍රහාරය සිංහලයන් විසින් සිදුකර ඇති බවට එම වාර්තාවේ ඇතැම් නිර්දේශවලින් ගම්‍ය වන බවය.

මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (28) පෙරවරුවේ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි බැහැදුටු අතර එහිදී උන්වහන්සේ එම අදහස් පළ කළහ.

එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන්,

“ජාත්‍යන්තරය පවා වැරදි ආකල්පයක් ඇති කර ගන්න පුළුවන් මේක මේ සිංහල, බෞද්ධයන් කරපු වැඩක් කියලා. පරීක්ෂණවලින් අහුවුණා විවිධ තැන්වල ආයුධ, පුපුරන ද්‍රව්‍ය. ඒවා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් එදා කෙරුණෙත් නෑ. මේ වාර්තාව තුළ හරියට ඉදිරිපත් කරලත් නෑ. ඒ වගේම මේ අන්තවාදීන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ඒ ඇති වුණ පසුබිම මේකේ කොහේවත් කථා වෙන්නේ නෑනේ. මේක මෙරට සැලසුම් කරපු එකක් ද නැත්නම් පිටරටක සැලසුම් කරපු එකක් ද ? එහෙම නම් ඒකේ ඍජු වගකිව යුත්තා කවුද කියලා මේකේ පැහැදිලි කරලා නෑ. එහෙම නැතුව එදා හිටපු ජනාධිපතිවරයයි පොලිස්පතිවරයයි. ඒ රජයේ යම් අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්.  පැහැදිලිව ම මේ වාර්තාවේ තියෙන නිගමනයන් ගැන අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නෑ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img