පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා අගතියට පත්වූ පුද්ගලයින්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා නිව්යෝර්ක්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් විරෝධතාවක් පවත්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතරතුර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය පවත්වා තිබුණි.






















