Friday, September 4, 2026
HomeNEWSLatest Newsපිටස්තර පුද්ගලයින්ට රැඳවියන් බැලීමට අවස්ථාව දෙනවාද ? නැද්ද ? තීරණය හෙට

පිටස්තර පුද්ගලයින්ට රැඳවියන් බැලීමට අවස්ථාව දෙනවාද ? නැද්ද ? තීරණය හෙට

පිටස්තර පුද්ගලයින්ට රැඳවියන් බැලීමට අවස්ථාව දෙනවාද ? නැද්ද ? තීරණය හෙට

පිටස්තර පුද්ගලයින්ට රැඳවියන් බැලීම සඳහා යළි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා හෙට (10)  දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු ලෙස හඳුනාගැනීමත් සමග පිටස්තර පුද්ගලයින්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබානොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

කෙසේවෙතත්, මේ වන විට රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා යළි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත අදාළ අවස්ථාව ලබාදීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් සහ බන්ධනාගාර නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img