Saturday, November 7, 2026
HomeNEWSපීඩන අවපාතයක් - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

පීඩන අවපාතයක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇත.

ඒ හේතුවෙන් අද (24) සහ ඉදිරි දින කිහිපයේදී (25 සහ 26 යන දිනයන්හිදී) දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. 

ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා ඇත.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img