Wednesday, July 15, 2026
HomeNEWSපුංචි ඡන්දයට එක්ව තරඟ කළ යුතු බව වජිර අවධාරණය කරයි.

පුංචි ඡන්දයට එක්ව තරඟ කළ යුතු බව වජිර අවධාරණය කරයි.

ගාල්ල කරාගොඩ ශ්‍රී පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ශිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයට සමගාමීව ඊයේ (02) දිනයේදී පවත්වනු ලැබු ධානමය පිංකම අවසානයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ ඒ මහතා ඒවාට ලබාදුන් පිළිතුරුකරාගොඩ ශ්‍රී පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ශිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන විශේෂ ගුණසමරු පිංකමක් සහ දහවල් ධානමය පිංකමක් එම විහාරස්ථානයේ විහාරාධිපති නරාවල සිරිවිමල හිමියන්ගේ ප්‍රධානත්ව‍ෙන් ඊයේ (02) පැවැත්වුණා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහභාගී වුණා.මෙම ගුණසමරු පිංකම සහ ධානමය පිංකම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මහාසංඝරත්නය ඇතුලුකොට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.මෙම වැඩසටහන අවසානයේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන මහතාගෙන් ඇසු ප්‍රශ්න සහ ඒවාට ඒ මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.ප්‍රශ්නය -අද වනවිට අන්තර්ජාල ඉපයීම් සඳහා බදු පනවන්න රජය තීරණය කරලා තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?පිළිතුර -ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් දහස් ගණනක් ලෝකයත් සමග එකට වැඩ කරලා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් උත්පාදනය කර දෙනවා. ඒ අයට විශ්‍රාම වැටුප් හෝ වෙනත් අවශ්‍ය කරන දේවල් රාජය තුළින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි කණ්ඩායමක් කර ක්‍රියාවලිය සඳහා බදු පැනවීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවට ලැබිය යුතු ආදායම අහිමිවීම පමණක් නෙමෙයි. ඒ මුදල් වෙනත් ආකාරයකට හැසිරවීම සඳහා තරුණ තරුණියන් යොමු වීමයි. මෙය නෙමෙයි ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් බලාපොරොත්තුවුනේ. නමුත් මම නම් දකින්නේ මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් කියලයි. ඒ නිසා මම නම් හිතන්නේ මේ දේවල් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි කියලා. ප්‍රශ්නය -ඒ වගේම ඊයේ දවසේදී ඉන්ධන හල් සඳහා ලැබෙන ලාභය කප්පාදුකිරීමක් හේතුවෙන් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමත් සමග රට තුළ දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. මේ ගැන ඔබ දක්වන අදහස?පිළිතුර -මම නම් හිතන්නේ මෙයට ප්‍රධානම හේතුව තමයි අත්දැකීම් සහ පළපුරුද්ද නොමැතිකම. උදාහරණයක් හැටියට ගත්තම ශ්‍රී ලංකාවේ සියලුම පෙට්ට්‍රල් ශෙඩ්වල වැඩ කරන තරුණ තරුණියන් හට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වගේ එක එක ආකාරයේ දීමනා ලැබෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල් ආශ්වාසගතවීමෙන් සිදුවන හානියට වැඩිපුර ගෙවීම් සිදුවෙනවා. නමුත් ඉන්ධන හලක වැඩකරන ළමයින්ට අවුරුදු 10 ක් වැඩ කළාම ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් නරක තැනකට ගමන් කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ක්‍රියාකරන පෞද්ගලික ඉන්ධන හල්වල අයිතිකරුවන් ඉතා සුළු ලාභයක් ලබමින් තමයි මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්නේ. යම්කිසි ලාභයක් නොමැතිව ඒ වැඩ කරන සේවකයින්ගේ පඩි නඩි ගෙවමින් ඒ කටයුතු කරගෙන යන්න බැහැ. එවැනි තත්ත්වයක් තුළ රජය ඒ සඳහා විශේෂ අවධානයක් යොමුකරමින් ක්‍රියාකළ යුතුව තිබෙනවා. මම නම් නැවත වරක් කියන්නේ පළපුරුද්ද නොමැතිවීම තමයි මෙවැනි ගැටළුවලට මූලිකම හේතුව වෙන්නේ.ප්‍රශ්නය -ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් අද මතුව තිබෙනවා. මේ ගැන ඔබ ප්‍රකාශ කරන්නේ කුමක්ද?පිළිතුර -ප්‍රධාන වශයෙන් අප මතක තබාගත යුතුයි මේවා අපිට පාලනය කරන්න විතරයි පුලුවන්. මේවා සමාජයේ නැති කරන්න බැහැ. මේවා අපේ සමාජයේ වගේම ලෝක සමාජයේත් කොටස්. ඒ නිසා ශ්‍රී ලාංකික මහජනතාව මතක තබාගත යුතු කාරණය තමයි, මිනිස්සු උප්පත්තියෙන්ම වැරදි සිදුකරනවා. මේ ආකාරයට වැරදි කරන නිසා තමයි නීති පද්ධතියක් සකස් කරලා තිබෙන්නේ. ඒ වගේම පොලීසිය, බන්ධනාගාර, අධිකරණය වගේ ආයතන ඇති කරලා තිබෙන්නෙත්. මිනිස්සු වැරදි කරන්නේ නැතිනම් පොලීසියට රාජකාරී නැහැ. මිනිස්සු වැරදි කරන්නේ නැතිනම් නීතීඥ මහත්වරුන්ට රස්සාව නැහැ. මිනිස්සු වැරදි කරන්නේ නැතිනම් අධිකරණ සේවා පද්ධතියට රාජකාරියක් නැහැ. කොහොම නමුත් වැරැද්දට දඬුවම මරණය නොවෙයි. විශේෂයෙන්ම මම කියන්න කැමතියි බෞද්ධයෙක් විදිහට දඬුවම මරණය නම් ඔහුගේ දඬුවම එතැනින් අවසන් වෙනවා. නමුත් වැරදි කරළ පුද්ගලයා නිවැරදි කොට සමාජගත කිරීම තමයි ඔහුට දිය හැකි ඉහළම දඬුවම. ඒ නිසා තමයි ඔහුට අවුරුදු 5ක, 10ක, 20ක ආදී වශයෙන් දඬුවම් නියම කරන්නේ. ඔහු ජීවත් වුණොත් තමයි මේ දඬුවම විඳින්නේ. මරණයෙන් දඬුවම අවසන් වෙනවා. ඒ නිසා මරණ දංඬනයට විරුද්ධ පුද්ගලයෙක් හැටියට මරණ දඬුවමනේ ප්‍රශ්න විසඳිය නොහැකිබව සමාජය තේරුම්ගත යුතුයි. මේවා ඇතිවීමට හේතු පාදක වූ කරුණු දෙස කල්පනාවෙන් බැලිය යුතුව තිබෙනවා. 1971 දී මේ රටේ අවි ආයුධ සංසරණය ආරම්භ වුණා. 1987, 1988, 1989 කාලවලදී අවි ආයුධ සංසරණය වෙන්න පටන් ගත්තා. උතුරෙත්, දකුණෙත් ඇති වූ කැරළි කෝලහාල නිසා අවි ආ්‍යුධ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගය ඔස්සේ සහ වෙනත් මාර්ග ඔස්සේ ලැබිලා තිබෙනවා. එසේනම් මේ තත්ත්වය පාලනය කිරීඹ සඳහා කළමණාකාරීත්වය වැදගත්. ප්‍රශ්නය -ඒ වගේම පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්ව තරඟ කිරීම වෙනුවෙන් පසුගිය දින කිහිපය තුළ විවිධ සාකච්ඡා ක්‍රියාත්මක වුණා. මේ සාකච්ඡා ඉදිරියට යනවද? එහෙමත් නැතිනම් ඒවා නැවතිලාද?පිළිතුර -මම හිතන්නේ පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට තරඟ කරන්න තිබෙන හොඳම ක්‍රමය තමයි එකමුතුව තරඟ කිරීම. මේ විදිහට එකමුතුව තරඟ කිරීමට යම් කෙනෙක් විරුද්ධ නම් මම හිතන්නේ ඔවුන් මානසික රෝගීන් හැටියටයි. අපිට මේ මැතිවරණයට තරඟ කරන්න ක්‍රම තුනයි තිබෙන්නේ. එක තමයි එකමුතුව තරඟ කිරීම, දෙක අලියා ලාංඡනය යටතේ තරඟ කිරීම. තුන්වැනි කාරණය තමයි තම තමන්ගේ දේශපාලන අනන්‍යතාවයන් තබා ගනිමින් දැනට තිබෙන ලාංඡන අමතක කරලා ස්වාධීන් ලාංඡනයකින් තරඟ කිරීම. එය යම්කිසි කණ්ඩායමක් පැහැර හරිනවා නම් එය බරපතල සමාජ ඛේදවාචකයක් හැටියටයි මම දකින්නේ. එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img