Tuesday, November 10, 2026
HomeNEWSපුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ගවේෂණ සඳහා ඩෙන්මාර්කයේ කැමැත්ත පලවෙයි

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ගවේෂණ සඳහා ඩෙන්මාර්කයේ කැමැත්ත පලවෙයි

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය
කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පල කර ඇත.
මෙරට ඩෙන්මාර්ක් තානාපති ලෙස පත් වූ ෆ්‍රෙඩී ස්වේන් (Freddy Svane) මහතා අද (03) පෙරවරුවේ
අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා
විය.
ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඩෙන්මාර්කය තුළ විශාල උනන්දුවක් පවතින බව තානාපති ස්වේන් මහතා
මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පැවසීය.
කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අගය එක්කළ නිෂ්පාදනවලට අමතරව පුනර්ජනනීය බලශක්තිය ගවේෂණය කළ
හැකි තවත් අංශයක් බව ඔහු මෙම හමුවේ දී පෙන්වා දුන්නේය.
2030 වන විට රටේ බලශක්ති පරිභෝජනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය
කිරීමේ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත පිරිස තානාපතිවරයාට මෙහි දී කරුණු දැක්වූහ.
ඩෙන්මාර්ක ආයෝජකයින් ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරන ලෙස
අග්‍රාමාත්‍යවරයා මෙහි දී තානාපතිවරයා හමුවේ පැවසීය. දැනටමත් ඩෙන්මාර්කයේ සිට ව්‍යාපාරික
නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව තානාපති ෆ්‍රෙඩී ස්වේන් මහතා
විශ්වාසය පළ කළේය.
තානාපති ස්වේන් මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර නේවාසිකව සිටින අතර ශ්‍රී ලංකාවේ තනාපති කටයුතු
සඳහා ඔහු පත්වීම් ලද දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක
තානාපතිවරයා ලෙසද ස්වේන් මහතා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img