Thursday, September 17, 2026
HomeNEWSපූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව විවෘත කිරීම ජනපති සහභාගීත්වයෙන් ...

පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව විවෘත කිරීම ජනපති සහභාගීත්වයෙන් …

පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව විවෘත කිරීම ජනපති සහභාගීත්වයෙන් …

කෝට්ටේ, මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරයේ ඉදිකෙරුණු, අපවත් වී වදාළ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ  (23) පස්වරුවේ නිරාවරණය කෙරිණ.

පන්නිපිටිය නැගෙනහිර ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාමය, කෝට්ටේ මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරය සහ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ලංකාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ධූරය සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය හෙබවූ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස හිමියෝ 2019 වසරේ මැයි මස දෙවැනි දින අපවත් වූහ.

උන්වහන්සේ දෙස් විදෙස්හි බුදු දහම ප්‍රචාරය සඳහා මහඟු සේවයක් කළහ.

සුමනතිස්ස හිමියන්ගේ මෙහෙවර සිහිකරනු වස් පැවති කෙටි උත්සවයට ද ජනාධිපතිතුමා එක් විය.

විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර චන්දිම, ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පැල්පොල විපස්සි හිමිවරු අනුශාසනා  කළහ. 

මහා සංඝරත්නය, අමාත්‍ය සරත් වීරසේකර, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි ලංකාරාම විහාරයේ දායක සභාවේ සාමාජිකයෝ සහ විහාරස්ථානවල දායක සභා සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img