Saturday, August 22, 2026
HomeNEWSපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි 84වැනි ජන්ම දින ආශිර්වාද බෝධි පූජාව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්...

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි 84වැනි ජන්ම දින ආශිර්වාද බෝධි පූජාව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙයි

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි 84වැනි ජන්ම දින ආශිර්වාද බෝධි පූජාව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙයි

කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ පරිවේනාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය, වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ 84වැනි ජන්ම දින ආශිර්වාද බෝධි පුජාව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් පැලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ දී අද 2021.02.20 පස්වරුවේ පැවැත්විණි.

විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩබලන අධ්‍යක්ෂ වැලමිටියාවේ ඤාණරතන ස්වාමීන් වහන්සේ මෙහිදී  අනුශාසනාවක් පැවැත්වූහ. 

“වැලමිටියාවේ කුසලධම්ම අපේ නායක හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සෑම වසරකම පිංකම් මාලාවක් සිදු කරනවා. නායක හිමියන් තරමක රෝගීතත්‍ත්වයෙන් සිටියද අප තීරණය කළා ඒ පිංකම් මාලාව මෙවර ජන්ම දිනයටත් ඒ අයුරින්ම සිදු කරන්න.

අපේ නායක හිමියන් රටේ අධ්‍යාපනික, ආගමික හා සමාජයීය සෑම අංශයකම විශාල සේවාවක් ඉටු කර තිබෙනවා. ඒ වෙනුවෙන් උන්වහන්සේ වැඩම නොකළ ස්ථානයක්, විහාරයක් මේ රටේ නැති තරම්. අපේ නායක හිමියන්ට නිදුක් නිරෝගීභාවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මෙවර පිංකම සඳහා සම්බන්ධ වන ලෙස  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ආරාධනා කළා. 

එතුමාගේ පැමිණිම අපි ඉතා අගය කොට සලකනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටට තවදුරටත් සේවය කරන්න අවශ්‍ය නිදුක් නීරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ” යැයි ඤාණරතන හිමියෝ පැවසූහ.

එසේම, පරිවේනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නායක හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, උන්වහන්සේගේ ශාසනික මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා  අවශ්‍ය නිදුක් නිරෝගී, චීරජීවනය ප්‍රාර්ථනා කළේය. 

මෙම අවස්ථාව සඳහා  අත්තනගල්ල  රාජමහා විහාරාධිපති පන්නිල ආනන්ද නායක ස්වාමින් වහන්සේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන්වහන්සේ  ප්‍රධාන මහා සංඝරත්නය වැඩම කළ වදාළහ. 

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර , සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ මහත්වරු ඇතුළු සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img