පොලිස් ජීප් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි -දර්ශන සහිතයි
බදුල්ල පොලීසියට අයත් පොලිස් ජිප් රථයක් අද (11) දහවල් බදුල්ල කැන්දගෝලල, මුතුමාල ගොවිපල ප්‍රදේශයේ දී අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව තිබේ.
ප්‍රපාතයට පෙරළී ගිය ජීප් රථය බෑවුම් සහිත තේ වත්තක ගසක ගැටී නතර වී ඇත.
අනතුරින් එහි ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ජල මෝටර් සොරකමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට ගොස් නැවත පොලීසිය වෙත එමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.
ජීප් රථය තුළ එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා, පොලිස් නිලධාරීන් සිව් දෙනෙක්, පොලිස් නිල සුනඛයෙක් හා සුන්‍යයා බාරව සිටි නිලධාරීන් දෙදෙනෙක් ද සිටි ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පවසයි.
වැසි සහිත කාලගුණය සමඟ ජීප් රථය මෙලෙස මාර්ගයේ ලිස්සා ගොස් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.






















