පොලිස් මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
සමාජවාදී තරුණ සංගමය සිදුකරන විරෝධතාවක් හේතුවෙන් එම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.
පසුගිය 9 වනදා ගාලු මුවදොර ආශ්රිතව සිදුවූ ප්රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිරත වේ.
කොටුව දුම්රිය ස්ථානය අසලින් විරෝධතා පාගමනකින් පැමිණි සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් මේ වනවිට පොලිස් මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමන් සිටී.
මේ වන විට විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පොලිස් නිලධාරීන්ට අමතරව නාවික හමුදා නිලධාරීන් ද කැඳවා ඇති බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.






















