පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
අවශ්‍ය මොහොතේ රටේ වගකීම දැරීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක්කරන බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගන්නා ක්‍රියාමාර්ග අනුව රජයට කුමන ආකාරයකින් සහාය ලබාදෙන්නේ ද පිළිබඳ තීරණය කරන බව පාඨලී චම්පික රණවක මහතා අදාළ ලිපිය මඟින් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම එම ලිපියෙහි අගමැතිවරයා වෙත පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න 5ක් ද යොමුකර ඇති අතර, මැතිවරණ නීති ප්රතිසංස්කරණයක් කඩිනමින් හඳුන්වාදීමට අගමැතිවරයා කටයුතු කරන්නේ නම් යෝජනා කිහිපයක් ද සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
























