සාමාන්‍ය පරිදි හෙට (17) දිනයේ සිට දුම්රිය ධානයට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව කාර්යාල දුම්රිය සියල්ලම ධාවනයට සැලසුම් කර ඇති බවය.
හෙට සිට දුර ගමන් දුම්රිය සේවා සියල්ලම ධාවනයට එක්කෙරෙන අතර යාපනය සහ මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පමණක් ධාවනය නොවන බව ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේය.
ඒ අනුව හෙට දිනයේ දුම්රිය ගමන් වාර 374ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.






















