ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඊයේ (03) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයා ගැන කතා වෙනවා. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත්කළ යුතුයි කියන මතයක් වැඩිපුර අපේ මන්ත්‍රී කණ්ඩායම තුළ තියෙනවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ. මම හිතන්නේ නෑ ඒකේ වැරැද්දක් තියෙනවා කියලා. අපි දන්නේ නෑ ඊළඟ මැතිවරණය කුමක් ද කියලා. ජනාධිපතිවරණයක් නම් ලැබෙන්නේ, අපි ඒ සඳහා ඒ අවස්ථාවේ දී පක්ෂයක් හැටියට සුදුසුම හොඳම පියවර ගනී.”






















