රටේ පවතින ඉන්ධන අර්බුදයත් සමග ව්‍යාජ යෙදවුම් යොදා ගනිමින් පෞද්ගලික තොරතුරු සොරා ගැනීම සම්බන්ධ සිද්ධීන් රැසක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධ පැමිණිල රැසක් මේ වන විට ලැබී ඇති බවය.
ඉන්ධන ලබාගැනීම සඳහා අංකයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ලියාපදිංචි වන ලෙස පවසමින් බොහෝ පුද්ගලයින්ගේ දුරකථන අංකවලට කෙටි පණිවුඩයක් යොමුකර එම ජාවාරම සිදුකර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මෙමඟින් අතිශය පෞද්ගලික තොරතුරු වන ජංගම දුරකථන අංක, වාහන ලියාපදිංචි අංක, හැඳුනුම්පත් අංක සොරා ගැනීමක් සිදුව ඇති බව වාර්තා වේ.
පසුව අදාළ අපරාධකරුවන් එම තොරතුරු නීතීවිරෝධී කටයුතු සඳහා භාවිතා කර ඇති අතර ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍යවල ව්‍යාජ ගිණුම් ආරම්භ කිරීමට ද භාවිතා කර ඇති බව වාර්තා වේ.
මෙවැනි ව්‍යාජ පණිවුඩ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටී.






















