ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පැමිණ තිබේ.
ඊයේ (11) ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම රැඳීසිටින අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවේ.
මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 16 වන දින ආරම්භ වීමට නියමිතය.






















