ගවන්තලාව ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 45දෙනෙක් හඳුනාගෙන තිබේ.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බලප්‍රදේශයේ ඊයේ (28) සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව එම ආසාදිතයින් හඳුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසිය.
එම අසාදිතයන් බගවන්තලාව, කර්කස්වොල්, කැම්පියන්, නො(ර්)වුඩ් හොන්සි ප්‍රදේශය සහ කොටියාගල යන වතු ආශ්‍රිත ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.
ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වතු ආශ්‍රිත එකම පවුලේ සාමාජිකයින් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසිය.
නව අසාදිතයන් සියලුදෙනා පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බැවින් ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කර සිටිය දී එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.






















