Sunday, August 2, 2026
HomeNEWSබන්ධනාගාරවල ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

බන්ධනාගාරවල ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

බන්ධනාගාරවල ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවය.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් තුෂාර උපුල්දෙණිය මහතා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“විශේෂයෙන් පාතාල ගනයේ රැඳවියන් අපි වෙන්කරලා, එයාලව දැඩි අධීක්ෂණයට ලක්කරන්න පියවර අරන් තියෙනවා. ඒකත් එක්ක අපිට මේ වන විට බන්ධනාගාර තුළ ඉදගෙන යම්යම් ජාවාරම් කිරීමට පෙළඹුන නේවාසිකයින් අපි යම්කිසි ග්‍රහණයකට නතු කරලා ඒ අයගේ ක්‍රියාකාරකම් අඩපණ කරන්න මේ වන විට සමත්වෙලා තියෙනවා. අපිට තිබුණ විශාල අභියෝගයක් තමයි පාතාල ගනයේ රැඳවියෝ ආරක්ෂණය කිරීමත් ඒ වගේම පාතාල ගනයේ රැඳවියෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමත්, ඔවුන් බන්ධනාගාර තුළ සුරක්ෂිතව තබා ගැනීමත්. මොකද මේ අය ඉතා සුක්ෂම රැඳවියෝ. ඒක නිසා විශේෂයෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා යුද හමුදාවෙන් ඉවත් වු නිලධාරීන් මේ සඳහා බඳවා ගන්න කියලා. කඩිනමින් මම ආරක්ෂක ලේකම් තුමාගේ උපදෙස් මත මේ වන විට 200ක් බඳවා ගන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ පිරිස බන්ධනාගාර බුද්ධි ඒකකය වෙත අනියුක්ත කරලා ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් පුහුණු කරලා තැබීම තමයි අරමුණ වෙන්නේ.“

මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී බන්ධනාගාර ගතවන තරුණයින් පුනරුප්තාපනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...

ආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගියදා...

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි. සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img