ලංකාවේ බය නැතුව ආයෝජනය කරන්න. ඇමති විජිත ඇමරිකානු ආයෝජක දූත පිරිසකට කියයි.වොෂින්ටන් ඩි.සි. හි හඩ්සන් ආයතනයේ ක්‍රමෝපාය පිළිබඳ කාර්යංශයේ වෝල්ටර් මීඩ් මහතා ප්‍රමුඛ ඇමරිකානු එක්සත් ජනපදයේ දස දෙනෙකුගෙන් සමන්විත ආයෝජක දූත කණ්ඩායමක් අද (10) දින අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී මුණ ගැසුණහ.ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ඇති වෙමින් පවතින ආයෝජන හිතකර පරිසරය සහ නව රජය ආර්ථික සංවර්ධනය සඳහා ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව කරුණු සොයා බැලීමත් ඇමරිකානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා සොයා බැලීමත් සිය සංචාරයේ අරමුණු බව වෝල්ටර් මීඩ් මහතා අමාත්‍යවරයා වෙත පවසා සිටියේ ය.පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව වරින්වරින්වර මුහුණදුන් උපද්‍රවයන් සහ බාධාවන් දූත මණ්ඩලයට පැහැදිලි කළ අමාත්‍යවරයා බංකලොත්භාවයෙන් රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමට ජාතික ජනබලවේගය වෙත විශිෂ්ට බලයක් ජනතාව ලබා දුන් බවත් පැහැදිලි කළේ ය. ඒ අනුව පත් වූ නව රජය දූරදර්ශී තීන්දු තීරණ ගැනීමෙන් සහ දූෂණයෙන් තොරව සියලු කටයුතු කරගෙන යාමෙන් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන ඇති බව පසුගිය වසර පිළිබඳ දත්තවලින් පැහැදිලි වන බව ද පෙන්වා දුන්නේ ය.විදේශීය ආයෝජන සුරක්ෂිත කිරීම හා ආයෝජකයන්ට හිමිවන විශේෂ අවස්ථා කවරේ දැයි විමසූ දූත පිරිසට පිළිතුරු දෙමින් විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කිසිඳු ආයෝජකයෙකු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බිය විය යුතු නැති බවත් එවැනි විශේෂ ආයෝජන සුරක්ෂිත කිරීම සඳහා පනතක් ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් ය.ඇමරිකානු ආයෝජන උපදේශකයන් අතර පිළිගැනීමට ලක් වූ කණ්ඩායමකින් සමන්විත වූ මෙම දූත පිරිස රජය ගෙන යන දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් පිරුනු ගමන්මගට සෑම සහයෝගයක් ම දීමට ද එකඟතාව පළ කළේ ය. දිවයිනේ දින කිහිපයක් රැඳී සිටින මෙම දූත පිරිස තවත් ඉහළ පෙළේ හමු කිහිපයට ද එක් වීමට නියමිත ය.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම හමුවට අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ද එක්ව සිටියහ.මෙම අවස්ථාවට අදාළ දර්ශන – https://we.tl/t-oYDZd42FSK සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk