බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත් විය.
එම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 49 ක් හිමි වූ අතර ඊට විරුද්ධව ඡන්ද 153ක් හිමි විය.
ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වූ බව පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න නිවේදනය කළා.






















