Tuesday, September 15, 2026
HomeNEWSබස්නාහිර පළාතෙන් පිටව යන අය සඳහා රැපිඩ් අන්ටිජන් ටෙස්ට් ස්ථාන 11කදී

බස්නාහිර පළාතෙන් පිටව යන අය සඳහා රැපිඩ් අන්ටිජන් ටෙස්ට් ස්ථාන 11කදී

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරනු ලබන ස්ථාන ගණන හෙට සිට 11ක් දක්වා වැඩිකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ වනවිට ස්ථාන 4කදී එම පරීක්ෂණ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා සිදුකෙරේ.

පොලිස් මූලස්ථානයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අධිවේගී මාර්ගවලදීද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බවය.

එහි ප්‍රධාන අරමුණ වන්නේ ආසාදිතයින් හඳුනාගැනීම සහ අනු කොවිඩ් පොකුරු බිහිවීම වැලැක්වීම බව ද ඔහු පැවසීය.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා මේ දක්වා සිදුකර ඇති ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් ආසාදිතයින් 11 දෙනෙක් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img