Saturday, November 7, 2026
HomeNEWSබස් නැවතුමට කඩා වැදුන ලොරිය

බස් නැවතුමට කඩා වැදුන ලොරිය

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ ලංගම ප්‍රධාන බස් නැවතුම් පළ අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් කාන්තාවන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

මහියංගනය සිට මහනුවර දෙසට ධාවනය වු ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ලංගම ප්‍රධාන බස් නැවතුම් පළ ඉදිරිපිට ඇති බස් නැවතුම් ස්ථානයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බස් නැවතුම් පළේ රැඳී සිටි කාන්තාවන් 08 දෙනෙකු, පිරිමි පුද්ගලයෙකු සහ අවුරුදු 7 කුඩා දරුවෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවය.

ඒ අනුව අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img