Thursday, September 10, 2026
HomeNEWSබ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්

බ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී.

මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇත. 

විදෙස් වාර්තා පවසන්නේ රුසියානු – යුක්රේනය යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකයක් නිර්මාණය කිරීමේ පිටුපස සිටින බවය.

මේ අතර රුසියානු – යුක්‍රේන යුද ගැටුම හේතුවෙන් සම්බාධක පැනවිමට ලක්ව ඇති රුසියාව මේ වනවිට සිය වෙළඳාම් සිදු කිරිම සඳහා අමෙරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවෙනට චිනයේ යුවාන් මුදල් ඒකකය වැඩිවශයෙන් භාවිතා කර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කර සිටී.

ඉකුත් සතියේ මොස්කව් හිදී රුසියානු ජනපති සහ චීන ජනපති හමුවු අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ චීන මුදල් මගින් රුසියාව , ආසියානු රටවල් සහ ලතින් අමෙරිකානු රටවල් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවය. 

පසුගිය වසරේ චිනය සහ රුසියාව අතර වෙළඳ වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 190ක් වන අතර මේ සඳහා ගෙවීම් කරනු ලැබ ඇත්තේ රුසියානු සහ චීන මුදල් ඒකක වලින් වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img