Sunday, November 1, 2026
HomeNEWSබ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්

බ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී.

මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇත. 

විදෙස් වාර්තා පවසන්නේ රුසියානු – යුක්රේනය යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකයක් නිර්මාණය කිරීමේ පිටුපස සිටින බවය.

මේ අතර රුසියානු – යුක්‍රේන යුද ගැටුම හේතුවෙන් සම්බාධක පැනවිමට ලක්ව ඇති රුසියාව මේ වනවිට සිය වෙළඳාම් සිදු කිරිම සඳහා අමෙරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවෙනට චිනයේ යුවාන් මුදල් ඒකකය වැඩිවශයෙන් භාවිතා කර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කර සිටී.

ඉකුත් සතියේ මොස්කව් හිදී රුසියානු ජනපති සහ චීන ජනපති හමුවු අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ චීන මුදල් මගින් රුසියාව , ආසියානු රටවල් සහ ලතින් අමෙරිකානු රටවල් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවය. 

පසුගිය වසරේ චිනය සහ රුසියාව අතර වෙළඳ වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 190ක් වන අතර මේ සඳහා ගෙවීම් කරනු ලැබ ඇත්තේ රුසියානු සහ චීන මුදල් ඒකක වලින් වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img