Tuesday, August 4, 2026
HomeNEWSබුලත්සිංහලින් කොවිඩ් ආසාදිතයින් 89ක් හඳුනාගනී

බුලත්සිංහලින් කොවිඩ් ආසාදිතයින් 89ක් හඳුනාගනී

කළුතර දිස්ත්‍රික්කයේ, බුලත්සිංහල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 89 දෙනෙකු හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසයි.

පසුගිය දිනවල සිදුකළ පීසීආර් පරීක්ෂණ 167ක් අතුරින් එම ආසාදිතයින් වාර්තා වු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, බණ්ඩාරගම, අටුලුගම සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශයේ පුද්ගලයින් පීසීආර් පරීක්ෂණවලට යොමුකරවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ අදහස් දැක්වු කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා,

“අටුලුගම ප්‍රදේශයේ දැනට රෝගීන් 555ක් වාර්තා වෙලා තියෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන විශාල වශයෙන් රෝගීන් වාර්තා වන ග්‍රාම නිලධාරී කොට්ඨාස අනුපිළිවෙලින් සකස් කරලා, හඳුනාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාසවල සිටින රෝගයට ගොඳුරු විය හැකි අවධානම් කණ්ඩායම් පීසීආර් පරීක්ෂණ කරන්න වැඩසටහනක් සකස් කරා. ඉදිරි සතියේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ අද වන විට රෝගීන් 1757ක් වාර්තා වෙනවා. මින් විශාල රෝගීන් සංඛ්‍යාවක් බුලත්සිංහල ප්‍රදේශයයේ වාර්තා වෙමින් පවතිනවා. පසුගිය දින කරන ලද පීසීආර් පරීක්ෂණ  167 කින් 89ක් අද රෝගීන් බවට හඳුනා ගත්තා. අපි ඒ ප්‍රදේශයේ තාවකාලිකව සංචරණ සීමා පනවා තිබෙනවා.“

මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 517 ක් හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img