Saturday, September 5, 2026
HomeNEWSLatest Newsබෞද්ධකම සිංහලයන්ටවිතරක් අයිති කර ගැනිම අසාධාරණයි.

බෞද්ධකම සිංහලයන්ටවිතරක් අයිති කර ගැනිම අසාධාරණයි.

බෞද්ධකම සිංහලයන්ටවිතරක් අයිති කර ගැනිම අසාධාරණයි.

රටේ ඒකියභාවයට හානි කිරිම සදහා ඇතැම් පාර්ශවයන් යුද්ධයකින් ව්‍යවස්ථා සංශෝධනයකින් සහ විවධ යෝජනා ඉදිරිපත් කරමින් උත්සහ දැරූ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එවැනි බලපෑම් හමුවේ රටේ ඒකියභාවය ආරක්ෂා කිරිමට ත්‍රිවිධ හමුදාව ඇතුළු විවිධ පාර්ශවයන් විශාල කැප කිරිම් කළ බවද ආණ්ඩුකාරවරිය කීවාය. යුද්ධය ජයග්‍රහණය කළ ද අපේ භික්ෂුන් වහන්සේලා භූමිය ආරක්ෂා නොකළේ නම් අද වන විට එම භූමිවලින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි තත්වයට පත් වන බව ද ආණ්ඩුකාරවරිය කීවාය.

කල්කුඩා සිරි සීලාලංකාර පිරිවෙන ආරම්භ කිරිමේ උත්සවයට එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ ද කීවාය.

“සංහිදියා වැඩපිළිවෙල පසුගිය කාලවල අවභාවිතයට ලක් වුණා. අද අපි බොහෝ අභියෝග මධ්‍යයේ නැගෙනහිර පළාත තුළ මේ පිරිවෙන ආරම්භ කළේ සැබෑ සංහිදියාව ඇතිකරන්නයි. මෙම ක්‍රියාවලිය තුළින් තමයි අපි ප්‍රාර්ථනා කරන සැබෑ සංහිදියාව තියෙන්නේ අද මේ පිරිවෙනට සියලු දරුවන්ට ජාතිභේදයකින් තොරව එන්න පුළුවන්. මෙයින් සියලු ජන කොටස් වලට බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. බෞද්ධකම සිංහලයන්ට පමණක් අයිති කර ගැනීම අසාධාරණයි. මෙය අපි සියලු ජාතීන්ට ලබාගන්න පුළුවන් වෙන්න ඕනේ. එය සැමදෙනාගේම අයිතියක්.

අපි අධ්‍යාපනය අතින් වෙළදාම අතින් ක්‍රිඩාව අතින් ලෝකය ජය ගන්න හදනවා. නමුත් අපි හිතන්න ඕනේ, ලෝකය ජය ගන්න ඕනේ, බෞද්ධ දර්ශනය තුළින් ඒ වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇති කරගත යුතුයි” යැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.

මෙම අවස්ථාව සඳහා මහසංඝරත්නය, සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, ත්‍රිවිධ  හමුදා නිළධාරින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img