තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යාමට පාර්ලිමේන්තුවේ 3/2 ක් අවශ්‍යයි.
මහාචාර්ය ජී එල් පිරිස් මහතා
අද මැතිවරණ ව්‍යාපාරය සියලූම දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරලා තිබෙනවා. දැන් අපට විරුද්ධව තරග කරන සියලූම දේශපාලන පක්ෂ ඡුන්ද දායකයින්ගේ සහයෝගය ඉල්ලන්නේ පොරොන්දු මත ආකාසේ මාළිගා වගේයි. අපේ මැතිවරණ වේදිකාවේ විශේෂත්වය වෙන්නේ එහි විශේෂ ලක්ෂණයක් තිබෙනවා. අනාගතයේ අහවල් දේවල් කරනවාම නොවෙයි මෙතෙක් තුළ පෙන්වලා තිබෙන පැහැදිලි ප‍්‍රතිඵල තුළ ජනතා විශ්වාසය ගොඩනගා තිබෙනවා. ඒ පදනම මත තමයි අපිට සහයෝගය ලබා දෙන්න කියලා ආයාචනය අපි ඡුන්ද දායකයින්ට කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත්වෙලා මාස 7ක් පමණ කාලය තුළ විශේෂයෙන් එල් ටී ටී යුගය සමයට නොදැවිනී අභියෝග වලට මුහුණ දෙන්නට නව රජයට සිදුවුනා. සියලූ අභියෝග හමුවේ ජනතාව ආරක්ෂා කරන්න වත්මන් ජනාධිපතිතුමා ඇතුඵ රජයට හැකිවුන ඒ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යන්න අලූත් පාර්ලිමේන්තුවට 2/3ක බලයක් ලබා ගැනීමටයි. පළමු අභියෝගය තමයි කෝවිඞ් 19 වසංගතය එය අනපේක්ෂිත තත්වයක් වනවා. නමුත් ඒ වසංගතය මර්දනය කිරිමට වාර්තා ගත ලෙස සාර්ථක වු රටවල් වලින් 3/1ක් ලෙස ශී‍්‍ර ලංකාව සිටිනවා. අද වන තුරු ලෝකයේ බලවතා වන ඇමරිකාවේ මරණ 135 000ක් පමණ වෙනවා. එම නිසා ශක්තිමත් නායකත්වය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් ත‍්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ මේ සියල්ල එක් හාසු කරලා මනා සම්බන්ධීකරණයකින් යුක්තව කටයුතු කරපු නිසා ලෝක නායකයින්ගේ ප‍්‍රසාදය ද ලබමින් මේ රටේ මරණ 11ක් දක්වා පාලනය කරන්න හැකිවුනා.
මත්කුඩු ජාවාරම පසුගිය වකවානුව තුළ සියලූම සීමාවන් අභීබවා ගියා. දළ වශයෙන් මේ රටට ගෙන්වලා තියෙන හෙරොයින් ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 4338 ඉක්මවා ගිහිල්ලා. පසුගිය මාසයේ බන්ධානාගාර වලින් හදුනා ගන්න හැකිවුනා ජංගම දුරකතන 1100ක් පමණ වෙනවා. අපේ සිර ගෙවල් වල සිටින රැුදවියන් දෙස් විදෙස් ජාවාරම්කරුවන් සමග දුරකතන සංවාද පවත්වලා තිබුණා. ඉන්දියානු සාගරයේ මත්කුඩු කේන්ද්‍රය වෙන්නේ ශී‍්‍රි ලංකාවයි. මෙහි ප‍්‍රධාන අරමුණ වෙන්නේ විශේෂයෙන්ම තරුණ පරපුර එම උවදුරින් මුදවා ගන්නයි. දැන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ගණීතය අංශයේ ප‍්‍රථමයා වුනු ශීෂ්‍යයා තුන් සැරයක් සිරගත වෙලා තියෙනවා මේ මත්කුඩු සම්බන්ධයෙන් බව කියන්න අවශ්‍යයි. මත්කුඩු මෙරටින් මර්දනය කරලා දාන්න වගකීම පැවරිලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ටයි. අද වන විට ජේ්‍යෂ්ඨ නිලධාරින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.
අද පාතාලයත් ඉතා භායානක තත්වයක් වනවා. දැන් පුවත්පත්වල ප‍්‍රධාන ශීර්ෂය වුනේ රටම තිගැස්සු පාතාලය කියලායි. මිනිමැරුම් කප්පම් කොල්ලකෑම් රජ කරපු යුගයක් තමය්ි යහපාලන රජයට අපිට දායාද කලේ. භීතියෙන් තොර සමාජයක් ශී‍්‍ර ලංකා ආර්ථිකයට සන්සන්දනය කරන්න පුඵවන් කඵ ආර්ථිකයක් මේ රටේ ගොඩනැගිලා තියෙන්නේ. කෝටී ප‍්‍රකෝටි ගණන් කඵ සල්ලි වලින් ඉඩම්, සුඛෝපභෝගී වාහන හා භායානක අවි ගබඩා ඒ කි‍්‍රයන්නේ ස්වයං කී‍්‍රය අවිආයුධ ගබඩා මුඵ රටම දන්නවා. එල් ටී ටී යුද්ධ කාලයේ තිබුණා භූගත බන්කරවල තමයි මේවා සගවලා තිබුනේ. අතිවිශාල මුදල් බැංකු වල ගිණුම් ගත වෙනවා. ඉඩම් ලියාපදිංචි කිරිමේදී ව්‍යාජ ඔප්පු භාවිතය සිදුවෙලා තියෙනවා. ඊළගට වංචනික සකස් කරන ලද රජයේ නිලමුද්‍රා පවා සකස් කෙරෙනවා.
මේ සියල්ල අභීබවා ගිය තවත් විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා. විදේශ වලින් නෙයෙක් අය විදේශ විනිමය මේ රටට ගේනවා. එයින් අන්තවාදය වපුරනවා. මේ සියල්ලටම සම්පත් ලබා ගන්නේ මේ හරහායි. පාස්කු ප‍්‍රහාරයෙන් ජිවිත 265ක් පමණ අහිමි වුනා. මීට වඩා එහා ගිය අපරාදයක් සිදු කරන්නයි ඔවුන්ට අවශ්‍ය කලේ.
කත්තන්කුඩි විශ්ව විද්‍යාලය ගොඩනැගිළි අනිකුත් විශ්ව විද්‍යාල හා සන්සන්දනය කරන්න බැහැ. එතරම් දියුණු විශ්ව විද්‍යාලයක් අසීමිත සම්පත්ද ආයෝජනය කරලා හැදුවේ. කොහෙන්ද සල්ලි කියලා දිනෙන් දින අනාවරනය වනවා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරපු කොමිෂන් සභාව ඉදිරියේදී බවයි.
මේ රටේ සුරක්ෂීතභාවය හා මේ රටේ පුරවැසියන්ගේ ජිවිත හා නිදහස රැුක ගැනීමේ අභීප‍්‍රාය ඇතිව ඒවා කල්දැමීය හැක්කක් නැහැ. ඉතා කඩිනමින් අංග සම්පූර්ණ වැඩපිළීවෙලක් තමයි අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ. අනිත් අය වගේ කිසිදු හරයක් නැති ප‍්‍රතිඥා පොරොන්දු දෙනවා. නමුත් ඒවාට ප‍්‍රතිකර්ම හා කි‍්‍රයාමාර්ග දැනටමත් අරගෙන තිබෙනවා. එය කි‍්‍රයාත්මක කිරීම සදහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. එහි පියවර වශයෙන් ඉමක් කොනක් නැතිව අපේ රටට ගලා එන සම්පත් එකම විදිහකටයි රටට ඇතුඵ විය යුත්තේ. විගණනයට භාජනය වුන වාර්තා තියෙන්න ඕනේ. එම නිසා පරිපාලන ක‍්‍රමවේදය වෙනස් කළ යුතුයි. එහි නිතිවල අඩුපාඩු හෝ දෝෂ තියෙනවා නම් ඉවත් කරලා දාන්න ඕන. පාතාලයින් ලබා ගන්නා සල්ලි මත්කුඩු වලින් ලබා ගන්නා සල්ලි දමන්නේ ඒවා අයිති පුද්ගලයින්ගේ නමින් නොවෙයි. ආදේශකයින්ගේ නමින් තමයි ඒ බැංකු ගිණුම් විවාත කරන්නේ. මේ පිළිබදව බැංකු විසින් අධීක්ෂණය කිරීම කාලීන අව්‍යශතාවක් වෙනවා. මත්කුඩු හා පාතාලය සම්බන්ධයෙන් විදේශ රටවල් වල ජිවත් වන ශී‍්‍ර ලංකීකයෝ නිතිය හමුවට ගෙන ඒම සිදු කළ යුතුයි. ඉඩම් හා වටිනා දේපළ වන ගණුදෙනු පිළිබදව විනිවිද භාවය සුරක්ෂිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමේ වැඩ පිළිවෙලක් සිදු කරමින් තිබෙනවා. මේ විසදිය හැකි ප‍්‍රශ්නනේ. එයට එකම අරමුණක් තිබිය යුතුයි. එවැනි වැඩපිළිවෙළක් දියත් කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අගමැතිතුමාගේ සුසංයෝගයෙන් පමණයි. දැන් සජිත් මහත්තයා කියන්නේ එතුමාට ශක්තියක් තියෙනවා වත්මන් ජනාධිපතිතුමා සමග කටයුතු කළ හැකියි කියලා.
අපේ රජය ශී‍්‍රලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිති පද්ධතියේ රාමුව තුළ කාර්ය සාධක බලකාය පිහිටුවේ. දැවැන්ත අභීයෝග වලට මුහුණ දීම සදහායි. හිටපු පාළාත් සභා මන්තී‍්‍ර ජගත් කුමාර මහතා. අද රටේ ජනතාව කාවද දිනවන්නේ කාවද පරාජය කරන්නේ කියලා තීරණය කරලා ඉවරයි. සජිත් පේ‍්‍රමදාස, රනිල් වික‍්‍රමසිංහ, රිෂාඞ් බදියුදීන් , මුන්දිරන්ලා යන සේට් එක තමයි සුදු වැන් සංස්කෘතියක් තියලා ජනතාව ඉදිරියේ බොරු කියලා ඡුන්ද ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එදා ජාතික බලවේග සියල්ල එකතු වෙලා එදා පේ‍්‍රමදාස මහත්තයා පරාජයට පත්කලේ ඡුන්ද ලක්ෂ 15කට ආසන්න වශයෙනුයි. නමුත් අද කියනවා මම අගමැතිකමට සුදානම් කියලා. එදා ජනාධිපතිකමටත් එහෙමයි කිව්වේ. ජනාධිපතිකම විතරක් නොවෙයි පක්ෂයේ නියෝජ්‍ය නායකකමත් නැතිවෙයි. දැන් බලන්නේ විපක්ෂ නායකකම රැුක ගන්නයි සිරිකොතේ බලය අල්ලා ගන්නයි. මේසේ පරාජය වුනේ යහපාලන සමයේ දී ගත් තීන්දු තීරණ නිසා ජනතාවට රට බේරාගැනිමේ අදහසින් බව පැහැදිලියි. රටේ ආරක්ෂාව හා රටේ ජනතාවගේ ආර්ථිකය හැඩගස්සවා ගන්න අඩුආදායම්ලාභී සමෘද්ධී ජනතාවගේ සහන ලබා ගන්න යන වැඩපිළිවෙලින් ඉස්සරාට යන්න ඕන නිසා ජනතා විරෝධීව කටයුතු කරගෙන ගිය නිසායි බලවේග අද පරාජයට පත්වුනේ. මහ දවල් මහ බැංකුව කොල්ල කාපු රටේ ආරක්ෂාව නැතිකරලා, සාහාරන්ලාගේ ප‍්‍රහාර වලට ලක් කරපු ජනතාව මත බදුබර පටවපු රට විනාශ කරපු යහපාලන රජයක් පසුගිය කාලයේ තිබුනේ. ලෝකයට ආදර්ශයක් සපයමින් වත්මන් ජනාධිපති නායකත්වය යටතේ බව කියලා මුඵ රටම පිළිගන්නා කරුණක් වනවා. අද සජිත්ලාට ඇගමැති ඇදුම් තියා අඩු තරමේ විපක්ෂ නායක ඇදුමවත් අදින්න රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉඩක් ලැබේද යන්න ගැටලූවක් වෙනවා. දැන් ඒ අය විසිරිලානේ ඉන්නේ. දැන් තිබුණු ජනපදනම වත් නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතා කියලා තිබුනා මාස 9ක් ගෙවිලා තියෙනවා මොකුත් කරලා නැහැ. ජනතාවට සහන සැපයුයේ නැහැයි කියලා. නමුත් එතුමාගේ කාලයේ අවි ගබඩාව පිපිරිලා ඒ ප‍්‍රදේශයේ ජනතාවය සහන සළසන්න අවුරුදු ගණනාවක් ගියත් බැරිවුනා. සාහාරන්ගේ ප‍්‍රහාරය සිදු වු අවස්ථාවේදී මේ වන තුරුත් ඒ අය සහන සලසලා නැහැ. කොරෝනා උවදුර ඇවිත් මාස 3ක කාලයක් තුළ මේ රටේ ජනතාව බඩගින්නේ තියන්නේ නැතිව ආධාර දීලා රැුකගත්තා වගේම ජනතාව ලෙඩ වන ප‍්‍රමාණය අවම කර ගනිමින් මරණ ප‍්‍රමාණයත් අඩු කරගෙන ලෝකයට ආදර්ශයක් සපයපු එකම නායකයා වත්මන් ජානාධිපතිතුමා හා අගමැතිතුමා බව කියන්න ඕන. කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා මේ මැතිවරණය ඉතා තීරණාත්මක මැතිවරණයක් වනවා. මේ මැතිවරණයට පෙර තිබු පාලන සමය තුල තිබුණ මුලික කරුණ තමයි ව්‍යවස්ථාදායකය හා විධායක අතර නොගැළපෙන පරස්පරය රටට අර්බුද රැුසක් නිර්මාණය කළා. පළමුව කාරණය තමයි පසුගිය කාලයේ ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ තිබුණු මහ පරස්පරය තුළ රටේ ආර්ථිකය විශාල ලෙස අර්බුදයකට රැුගෙන ගියා. 2015 දී ආර්ථීක වර්ධන වේගයක් තිබුණත් මේ නොගැළපීම 2.3% දක්වා දකුණූ ආසියානු කලාපයේ අඩුම ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් බවට පත් වුනා. පාස්කු ඉරුදින ප‍්‍රහාරය කියන්නේ මෙරට අපරික්ෂාව පිළිබ`ද මනා පූර්වාදර්ශයක් දෙනවා. එවක තිබු ව්‍යවස්ථාදාකයේ හා විධායකයේ තිබු අසමානතා හේතුවෙන් බවයි.
මේ මැතිවරණ ව්‍යාපාරයේදී වත්මන් ජනාධිපතිතුමා දර්ශණයත් එක්ක දැක්මත් එක්ක සමපාතිීව වැඩ කල හැකි කණ්ඩායම ඉදිරිපත් කරලා තියෙන්නේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණයි. මේ අභියෝගය ජය ගත හැක්කේ වත්මන් ජනාධිපතිතුමාගේ අදහස් හා වැඩපිළිවෙලවල් යන සියලූ දේ එක්ක සුහදශීලීව කටයුතු කරන ව්‍යවස්ථාදායකයේ තත්වයක් තමයි අපි දකින්නේ.
අගෝස්තු 05 වෙනිදා මේ රටේ ජනතාව නිවැරදි වටහා ගෙන තියෙනවා. රටේ ආර්ථික වශයෙන් බලපෑම හා රටේ පරිපාලනයේ කඩා වැටීම හා ජාතික ආරක්ෂාවට එල්ල වු මහා බලවත් පාඩුව හා රටක් හැටියට දේශපාලන ස්ථාවරත්වය නොමැතිවීම කියන සමස්ථ කාරණා ටිකත් මේ පරස්පරයේ නිර්මාණ හැටියට අපි දකින්නේ. ඉතා නිර්මාණශීලිව කටයුතු කරන් වැඩපිළීවෙක් තියෙන නායකයින් ඉන්නේ බොහෝම අතලොස්සයි. අපි දැක්කා ලෝකයම මුහුණ දුන්න කොරෝනා වෛරසය නිසා සැළැස්මක් ඇතිව වැඩ කළ නායකයෝ ඉන්නේ බොහෝම අඩුවෙන්. ඒ රාජ්‍ය නායකයෝ එක්ක බොහෝම විරල නායකයෙක් බව පිිළිගෙන තියෙනවා.






















