Thursday, September 3, 2026
HomeNEWSLatest Newsබෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ.......

බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ…….

බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ…….

බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.
අද (2020.06.30) පෙරවරුවේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථාන භූමියේ දී
සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් අග්‍රාමාත්‍ය වරයා විසින්
නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණය විවෘත කරනු ලැබීය.
බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ දහතුන් වන සංවත්සරය නිමිති කොටගෙන
විශේෂ ආගමික වැඩසටහන් රැසක් අද දිනයේ සම්බෝධි විහාරස්ථානයේ දී
සිදුකරනු ලැබීය.
අග්‍රාමාත්‍ය වරයා මෙහිදී ශ්‍රී සම්බෝධී විහාරයේ සර්වඥ ධාතු මන්දිරය
වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් අතර අභිනවයෙන් විවෘත කෙරුණු ගුවන්
විදුලි මැදිරි සංකීර්ණයේ දී ප්‍රථම වරට අග්‍රාමාත්‍ය වරයාගේ සම්මුඛ
සාකච්ඡාවක් පටිගත කරනු ලැබීය.
එහි දී කෙටි පිළිසඳරක යෙදුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිර්මල
බුදුදහම පැතිරවීම සඳහා බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම
කුසලධම්ම නායක හිමිපාණන්වහන්සේ කළ සේවය සිහිපත් කළේය.
මෙම අවස්ථාවට බෞද්ධයා රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවේ අධ්‍යක්ෂ
බොරලන්දේ වජිරඥාන හිමි, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා,වෛද්‍ය
හර්ශ අලස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img