Saturday, October 24, 2026
HomeNEWSLatest Newsබෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ.......

බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ…….

බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ…….

බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.
අද (2020.06.30) පෙරවරුවේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථාන භූමියේ දී
සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් අග්‍රාමාත්‍ය වරයා විසින්
නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණය විවෘත කරනු ලැබීය.
බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ දහතුන් වන සංවත්සරය නිමිති කොටගෙන
විශේෂ ආගමික වැඩසටහන් රැසක් අද දිනයේ සම්බෝධි විහාරස්ථානයේ දී
සිදුකරනු ලැබීය.
අග්‍රාමාත්‍ය වරයා මෙහිදී ශ්‍රී සම්බෝධී විහාරයේ සර්වඥ ධාතු මන්දිරය
වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් අතර අභිනවයෙන් විවෘත කෙරුණු ගුවන්
විදුලි මැදිරි සංකීර්ණයේ දී ප්‍රථම වරට අග්‍රාමාත්‍ය වරයාගේ සම්මුඛ
සාකච්ඡාවක් පටිගත කරනු ලැබීය.
එහි දී කෙටි පිළිසඳරක යෙදුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිර්මල
බුදුදහම පැතිරවීම සඳහා බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම
කුසලධම්ම නායක හිමිපාණන්වහන්සේ කළ සේවය සිහිපත් කළේය.
මෙම අවස්ථාවට බෞද්ධයා රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවේ අධ්‍යක්ෂ
බොරලන්දේ වජිරඥාන හිමි, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා,වෛද්‍ය
හර්ශ අලස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img