Thursday, July 2, 2026
HomeNEWSLatest Newsමෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස තමන් කියු විට ඇතැමුන් භූමිතෙල් ගෑවුණු...

මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස තමන් කියු විට ඇතැමුන් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබල වෙලා

මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස තමන් කියු විට ඇතැමුන් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබල වෙලා

මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස තමන් කියු විට ඇතැමුන් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබල වී ඇති බවත් එලෙස කලබල වී ඇත්තේ යහපාලනය සමග ඩීල් දැමු උදවිය බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 

ඔහු පෙන්වා දෙන්නේ යහපාලනයේ කටු සූප්පු කළ ඇතැමුන් එජාපය සමග ඩීල් දමන බවට තමන්ට චෝදනා කිරීම විහිළුවක් බවයි.  තමන් ඩීල් දාන්නේ ජනතාව සමග පමණකැ‘යි ද ඔහු අවධාරණය කරයි.

කැළණිය ශ්‍රී ලංකා පොදුජන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. රැස්වීම ඊයේ (30) කැළණිය ප්‍රාදේශීය සභා භූමියේ දී පැවැත්විණි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“සජිත් ජනාධිපතිවරණයේ දී වේදිකාවල කිය කියා ගියා ඔබ සතුටින් ද බලන්න මම රෑට රෑට ගෙවල් වලට එනවා කියලා. ජනාධිපති වුණොත් මම මහපාරේ ඉදන් වැඩ කරනවා කියලා. හැබැයි ජනාධිපතිවරණය ඉවර වුණා විතරයි මිනිහා  මිසින්. මාසයක් විතර යනකම් සජිත් ආගිය අතක් නැති වුණා. මම දැක්කා සජිත් සොයිසා නිවාස සංකීර්ණයට ගිහින් කියනවා පිරිසිදුකම බලන්න රෑ 12 ට එනවා කියලා. කුණු ටික අදින්න රෑ 12 එනවා කියලා තමයි කියන්නේ.  සජිත් දැන් තමයි නියම තනතුර තෝරගෙන තියෙන්නේ. ඕක ඉස්සෙල්ලයි තෝරගන්න තිබ්බේ. පරාජය දැනිලා දැන් සජිත්ලාගේ මොළේ අවුල් වෙලා විකාර කියවනවා. 

අපි තුනෙන් දෙකේ ඉලක්කයකට යන්නේ රටට ස්ථාවර ආණ්ඩුවක් හදලා පහුගිය දේශපාලනය මේ රටට කරපු විනාශය ආපස්සට හරවන්න අවශ්‍ය නිසයි. යහපාලනය ගෙන ආ රටට අහිතකර අණපණත් අහෝසි කරන්න අපිට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. පසුගිය රජය තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුව තුළ තියාගෙන කළේ රටත්, ජාතියත් පාවාදීමේ අණපණත් සම්මත කර ගැනීමයි. ඒක වෙනස් කරන්න නම් අපට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. ගෝඨාභය – මහින්ද සුසංයෝගයට පමණයි මේ තත්ත්වය ඇති කළ හැක්කේ. පොහොට්ටුවට ඡන්දය දෙනවා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙනවා කියන එකයි. පොහොට්ටුවට ඡන්දය දෙනවා කියන්නේ මහින්ද මහත්තයාට ඡන්දය දෙනවා කියන එකයි. ඒ නිසා මහ මැතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය දී රට දිනවන්න.

මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්නෙපා කියලා මම හැමතැනම කියනවා. මම එහෙම කියපුවාම යහපාලනය කඩේ ගිය මෛත්‍රීට කඩේ ගිය සමහරු භූමිතෙල් ගෑවුණු ගැරඩි වගේ කලබල වෙලා. මට ශ්‍රිලනිපය සමග කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මෛත්‍රී එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා.  මොකද මෛත්‍රී තමයි මේ රට විනාශ කළේ. ශ්‍රීලනිපය අලියාගේ නැට්ටේ ගැට ගැහුවේ මෛත්‍රී කියන දේ කරන දහදෙනෙක් පාර්ලිමේන්තු ආවොත් ඒක ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවට තර්ජනයක් විය හැකිය.  නිකමට හිතන්න අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගන්නකොට  මෛත්‍රීගේ දහදෙනෙක් ආවා කියලා. ඒ අය අපිට තුනෙන් දෙකේ සහාය දෙන්න කොන්දේසි පැණෙව්වොත් අපි මොකද කරන්නේ?.  ඒකයි මම කියන්නේ මහින්ද මහත්තයා  දාලා යන්නේ නැති ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙලට සහාය දෙන පිරිසක් තනතුරු, වරදාන වරප්‍රසාද වලට පාවා නොදෙන පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න කියලා. 

මම මෛත්‍රීට ගෑවුණු කෙනෙකුට ඡන්දය දෙන්න එපා කියන කොට රිදෙන අය කියනවා අපි එක්සත් ජාතික පක්ෂය  එක්ක ඩීල් දාලා කියලා. ලස්සන ම වැඩේ කියන්නේ එහෙම කියන්නේ යහපාලන ආණ්ඩුවේ කටු සූප්පු කරපු උදවියයි. පුහුල් හොරා කරෙන් දැනෙයි කියලයි ඕකට කියන්නේ. ඒ නිසා ජනතාව දන්නවා එජාපය එක්ක ඩීල් දාන්නේ ඒ අය ද අපිද කියලා. මේ රටට ඇත්තටම ආදරය කරන්නේ ඒ අය ද අපි ද කියලා. අපි ඩීල් දාන්නේ මේ රටේ ජනතාව එක්ක විතරයි.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ඩුලිප් විජේසේකර යන මහත්වරු ද කථා කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img