Thursday, October 29, 2026
HomeNEWSබෞද්ධ ආගමට අත නොතබන ලෙස දැඩිව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා-ෂිරාස් යුනුස්

බෞද්ධ ආගමට අත නොතබන ලෙස දැඩිව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා-ෂිරාස් යුනුස්

බෞද්ධ ආගමට අත පෙවීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් බෞද්ධ ආගමට අත නොතබන ලෙස දැඩිව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් නව ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.

නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා මේ බව ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂිරාස් යුනුස් මහතා මෙසේද සඳහන් කළේය.

බෞද්ධයාට අත තියලා තියෙන්නේ. බෞද්ධ ආගමට අත තියලා තියෙන්නේ. ඒක කිසිසේත්ම අනුමත කරන්න බැහැ.

ආගමට ගෞරවයක් නොමැති නිරාගමික කට්ටියක් තමයි රටේ පාලනය අරගෙන තියෙන්නේ.

සිවුර අස්සේ හැංගිච්ච කට්ටියට සිවුරේ වටිනාකම දන්නේ නෑ.

බෞද්ධ ආගමට අත තිබ්බ කට්ටිය අනෙකුත් ආගම්වලට අත නොතියයි කියලා දෙන්න පුළුවන් සහතිකය කුමක්ද කියලා මං ප්‍රශ්න කරනවා.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීමට පෙර සිටම ආගමට පහර දීමට මේ අය කටයුතු කළා.

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහා නායක හිමිවරුන් විරුද්ධත්වය ප්‍රකාශ කරලා එව්ව ලියුම මේ ආණ්ඩුව ගණනකටවත් ගත්තේ නෑ. ඒ ලියුම දන්නේ නැහැ කියලා ආණ්ඩුව මුලින්ම කිව්වා. එතනින් තමයි බෞද්ධාගමට පහර දීම ආරම්භ කළේ.

බෞද්ධ ආගමේ සෙවනැල්ලේ යට තමයි හින්දු,ඉස්ලාම්, කතෝලික ඇතුළු අනෙකුත් ආගම් ආරක්ෂා වෙලා තිබුනේ. වසර ගණනාවක් තිස්සේ එම සහජීවනය තිබුණා.

එතකොට මං අනෙකුත් ආගම් භක්තිකයින්ගෙන් අහන්න කැමතියි බෞද්ධාගමට මේ ආණ්ඩුව සිදු කරන පහර දීම අනුමත කරන්න පුළුවන්ද කියලා.

මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ඡන්දෙ දුන්නේ මාලිමා ආන්ඩුවට. නමුත් මාලිමා ආණ්ඩුව මුස්ලිම් ජනතාව හොඳටම රවට්ටල තියෙනව. මේ වන විට වහපු මුස්ලිම් පල්ලි අරින්න තවම බැරිවෙලා තියෙනවා. ඊට අමතරව කැබිනට් අමාත්‍යධුරයක් මුස්ලිම් ජාතිකයෙකුට දුන්නේ නෑ. ඊට අමතරව බස්නාහිර ආණ්ඩුකාරතුමා හලීම් මහත්තයා ඉල්ලා අස්වෙලා තියෙනවා. මං හිතන්නේ මේ සිද්ධිවලින්ම පේනවා මුස්ලිම් ජනතාවත් මේ ආණ්ඩුව ගැන ඉන්නේ දැඩි කලකිරීමකින් කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img