Wednesday, November 11, 2026
HomeNEWSභාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇමති විමල්ගෙන්...

භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිවෙළක්!

දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිවෙළක්!

මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව පළමුව එකී ඛනිජ ද්‍රව්‍ය සංචිත පවත්නා ප්‍රදේශ, එම සංචිත ප්‍රමාණ හා ඒවා භාවිතා කරමින් කළ හැකි නිෂ්පාදන පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවත් එම කමිටුවේ නිර්දේශ අනුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

මේ වනවිට ඉල්මනයිට්, සර්කෝන්, රූටයිල් හා මිනිරන් යන ඛනිජ, කැණීම, පිරිපහදු කිරීම හා අපනයනය කිරීම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්නා රාජ්‍ය සමාගම් වන ලංකා ඛනිජ වැලි සමාගම සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය විසින් සිදුකරනු ලබයි. මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ මධ්‍යස්ථානය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කටයුතුවල නිරත වේ. එකී ඛනිජ ද්‍රව්‍ය හැරුණු කොට ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය උපයෝජනය සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් අන්දමින් සිදු නොවන බව පෙනී ගොස් ඇති බැවින් මෙවැනි වැඩපිළිවෙළක් යෙදීම පිණිස පියවර ගත් බවත් එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒම තම අරමුණ බවත් කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img