Wednesday, November 11, 2026
HomeNEWSමංගල සමරවීර මහතා දේශපාලනයේ දී නිර්මාණශීලී මිනිසෙකි.

මංගල සමරවීර මහතා දේශපාලනයේ දී නිර්මාණශීලී මිනිසෙකි.

ශ්‍රී ලාංකේය දේශාපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ සටන්කාමි
දේශපාලඥයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි
අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.
ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා
1983 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන මංගල සමරවීර මහතා
දේශපාලනයට අත්පොත් තැබූ මුල් වකවානුවේ පටන් මාගේ මිත්‍රයෙකි.
1988 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන
සංවිධායකවරයා ලෙස පත්වූ මංගල සමරවීර මහතා 1989 පැවැති මහ
මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර පළමුවරට පාර්ලිමේන්තුවට
තේරී පත්විය.
යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය
නියෝජනය කරන්නෙකු ලෙස එකල මංගල සමරවීර මහතා පෙරට
ආවේය.
88-89 භීෂණ සමයේ සියලු ඝාතන හා පැහැරගැනීම්වලට එරෙහිව
මංගල සමරවීර මහතා පිහිටවූ “මව් පෙරමුණ” සංවිධානයේ අපි සම
කැඳවුම්කරුවන් ලෙස කටයුතු කළෙමු.
දාහත් වසරක දුර්දාන්ත පාලනයට එරෙහිව අප මෙහෙයවූ පාද යාත්‍රාව
සාර්ථක කර ගැනීමට මාතර සංවිධායක ලෙස එදා මංගල සමරවීර
මහතා කළ මෙහෙවර ද කිසිදා අමතක කළ නොහැකිය.

සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස් නියෝජනය කරන ලිබරල්
මතදාරියෙකු ලෙස සිය දේශපාලනය පෙරට ගෙන ආ මංගල සමරවීර
මහතා 1994 වර්ෂයේ දී පළමු කැබිනට් ඇමතිධුරයට පත්වූ දා සිට විවිධ
ආණ්ඩුවල වගකිවයුතු අමාත්‍ය ධුර රැසක් හෙබවීය.
තැපැල් හා විදුලි සන්දේශ, නාගරික සංවර්ධන, වරාය, ගුවන් සේවා,
ජනමාධ්‍ය, විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය ධුර දරමින් තමන්ට
පැවරුණු අදාළ විෂය පථ නව මාවතකින් ඉදිරියට ගෙන යාමට මංගල
සමරවීර මහතා උත්සහ දැරීය.
සංහිඳියාව පිළිබඳව විශ්වාසය තැබූ මංගල සමරවීර මහතා
දේශපාලනයේ දී නිර්මාණශීලී මිනිසෙකි.මංගල සමරවීර මහතා
දේශපාලනයේ දී නිර්මාණශීලී මිනිසෙකි.මංගල සමරවීර මහතා
දේශපාලනයේ දී නිර්මාණශීලී මිනිසෙකි.
අභියෝග හමුවේ තම මතයෙන් බැහැරව නොගිය ඔහු සිය මතවාදය
උදෙසා නිරතුරුවම සටන් කළේය.
පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය
කළ ද මියයනතුරුම මංගල සමරවීර මහතා මාගේ පෞද්ගලික
මිත්‍රයෙකි.
2005 ජනාධිපතිවරණයේ දී මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල
සමරවීර මහතා කළ කැපකිරීම නොමියෙන මතකයකි.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නොමැකෙන ලකුණක් වූ හිටපු අමාත්‍ය
මංගල සමරවීර මහතාට නිවන් සුව අත්වේවා! යැයි ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img