Thursday, September 3, 2026
HomeNEWSLatest Newsමත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු...

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ සූදානමක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ සූදානමක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට රජය සූදානම් වෙයි . ඊට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි කාර්මික අපනයන,ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගිය මාසය තුල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇති ගුවන්යානා සංඛ්‍යාව 13කි . රෝමයේ සිට පුද්ගලයින් 155 දෙනෙකු රැගත් ගුවන්යානයක් ඊයේ මත්තලින් දිවයිනට පැමිණි අතර අද හීතෲගුවන්තොටුපලේ සිට 90 ක් මත්තලින් දිවයිනට පැමිණියේය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙලඳ නවික නාවිකයෝ ද මත්තල ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබේ. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීම සදහා මේ වනවිට සූදානමින් සිටියි. ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් එකඟත්වයක් පල කර තිබේ. ඔවුන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.  

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටුනායක ගුවන්තොටුපලින් පැමිණෙන සියළුදෙනා පී.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ. එම පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු පැය 06 කට ආසන්න කාලයක් ගුවන්තොටුපල ආසන්නයේ රඳවා ගෙන සිටිමට සිදුව ඇත. මේ තත්වය තුල කටුනායක ගුවන්තොටුපලේ දිනකට ගුවන් මෙහෙයුම් කළ හැක්කේ උපරිමයෙන් ගුවන්යානා 3 – 4 ක් පමණි. මේ නිසා මත්තල ගුවන්තොටුපල ද භාවිතා කරමින් විදෙස් ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු කඩිනම් කිරීමට පියවරගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ගුවන් සමාගම් මත්තලට ගමන් කිරීම දිරිමත් කිරීම සඳහා රජය ඔවුන්ට සහන රැසක් ද ලබා දී ඇති බවයි.මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරම්භ කලේ 2013 මාර්තු මස 18 වෙනිදයි. එය ඉදිරි කිරීමට වැය කල මුදල ඇමරිකානු ඩොලර් මිලියන 209 කි. පසුගිය යහපාලන රජය විසින් මෙම ගුවන්තොටුපලේ ගුවන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කල අතර එහි වී ගබඩා කිරීමට කටයුතු කලේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව මත්තල ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවයි . ඉදිරි නව රජය යටතේ මත්තල ගුවන්තොටුපල තුල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය ඉදිරි පියවරා ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කරයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img