Friday, September 11, 2026
HomeNEWSමත්ද්‍රව්‍ය ජාවාරමකට මැදිවූ තරුණියකගේ නිවස රාජසන්තක කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමකට මැදිවූ තරුණියකගේ නිවස රාජසන්තක කෙරේ

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට මැදිවූ බොරැල්ල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණියක් සතු නිවසක් මුදල් විශුද්ධිකරණය යටතේ අද (09) රාජසන්තක කරනු ලැබීය.

ඇයගේ ගිණුම්වල ඇති රුපියල් කෝටි 2කට ආසන්න මුදල් සහ ඇයගේ පෙම්වතාගේ ගිණුම්වල ඇති රුපියල් කෝටි 8කට ආසන්න මුදල් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරමින් පසුවෙයි.

හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් හා රුපියල් 868,900ක් සමග 2021 වසරේ ජූලි 19 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයේදී සුරූපී තරුණියක් සහ ඇයගේ පෙම්වතා පිළිබඳව මෙලෙස විමර්ශනයක් ආරම්භ කෙරුණි.

මෙම විමර්ශනය ආරම්භ වූයේ, මිරිහාන රජමහා විහාර මාවතේ පදිංචි ඕමල්පගේ දිනේෂ් හර්ෂ රණසිංහ සහ ඔහුගේ පෙම්වතිය බව කියන බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචි අරුණි නදීශිකා පිළිබඳවය.

ඒ අනුව, අරුණි විසින් 2021 වසරේ ජනවාරි මස 06 වනදා වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් රුපියල් 5,700,000කට මිලදී ගෙන ඇති බව අනාවරණය වුණි.

තවද සැකකාරියගේ නමින් බැංකු කිහිපයක තැන්පත් කර ඇති රුපියල් කෝටි 2කට ආසන්න මුදල් සම්බන්ධයෙන් සහ සැකකාර පෙම්වතාගේ නමින් බැංකු ගිණුම්වල ඇති රුපියල් කෝටි 8කට ආසන්න මුදල් සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

එවැනි පසුබිමක සැකකාරිය විසින් ඉඩම සහ නිවස මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය සනාථ කිරීමට අපොහොසත්වීම මත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මහර ප්‍රාදේශීය ලේකම් මෙම නිවසේ ප්‍රතිග්‍රාහකයා ලෙස පත්කර තිබේ.

ඒ අනුව, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින 28 හැවිරිදි අදාළ සැකකාරිය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද වැලිවේරිය ප්‍රදේශයේ මිලදී ගත් බව කියන නිවස වෙත කැඳවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නිවසේ ඉබි යතුරු කඩා පරීක්ෂාවට ලක් කළේය.

එම අවස්ථාවට මහර ප්‍රාදේශීය ලේකම් ඊ.එස්.අයි.විමලසේන මහත්මිය ද සහභාගී වුණි.

එහිදී ප්‍රාදේශීය ලේකම් සඳහන් කළේ,

“ඇත්තටම මම මෙතනට ආවේ මේ වගේ කෙනෙක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඔයා මේවයින් නිදහස් වේවි කියලා අපි හිතනවා. හැබැයි ඊට පස්සේ හොඳ මනුස්සයෙක් විදියට සමාජගත වෙන්න.”

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකාරිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ස්ථිර ආදායම් සහිත රැකියා සිදු නොකරන අතර ඇයගේ මව, පියා සහ සහෝදරයින් තිදෙනා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සඳහා බොහෝ අවස්ථාවන්වලදී අත්අඩංගුවට පත්වී ඇති බවය.

එමෙන්ම ඇයගේ වැඩිමහල් සහෝදරයා හෙරොයින් ජාවාරම මහා පරිමාණයෙන් සිදු කරන බවටද කරුණු අනාවරණ වී ඇති බවද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img