Tuesday, September 15, 2026
HomeNEWSමධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි කොටස කඩිනමින් අවසන් කරන ලෙසට ඇමති විජිත හේරත්...

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි කොටස කඩිනමින් අවසන් කරන ලෙසට ඇමති විජිත හේරත් ගෙන් උපදෙස්.

පොතුහැර සිට රඹුක්කන දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස ( අදියර III ) 2026 වසර අවසන් වන විට නිම කිරීමට ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් උපදෙස්.ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා ගරු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අද දහවල් මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ කටයුතු පොතුහැර සිට රඹුක්කන දක්වා මාර්ගයේ සිදු වන ආකාරය නිරීක්ෂණය කරන ලදී.එහිදී මේ මාර්ගයේ වි‍ශේෂ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළ ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දෙමින් කියා සිටියේ ලබන වසරේ ( 2026.12.31 ) අවසානය වන විට මේ මාර්ග කොටසේ කටයුතු සම්පූර්ණයෙන් නිම කළ යුතු බවයි.අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන කටයුතු විධිමත් ලෙස සිදු කිරීම වෙනුවෙන් පොතුහැර සිට රඹුක්කන දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස ( අදියර III ) හැකි ඉක්මණින් නිම කිරීම අත්‍යවශ්‍ය වී තිබුණි. ඒ අනුව ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ මැදිහත් වීමෙන් දැනට මේ සඳහා ඇති බාධක හැකි තාක් අවම කර ලබන වසර අවසන් වන විට නිම කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය විය.මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් S.M.P. සූරියබණ්ඩාර, ව්‍යාපෘති අධ්‍යක්‍ෂ අනුරාධ හෙට්ටිආරච්චි ඇතුලු නිළධාරීන් මහතුන් සහභාගි විය.මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ වසර 2023.07.04 දින ය. ගලගෙදර දක්වා සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල වන්නේ රුපියල් බිලියන 210 කි. මංතීරු 04 ක් වන මෙම මාර්ගය සම්පූර්ණයෙන් පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.4 කින් යුක්තය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img