Saturday, May 23, 2026
HomeNEWSපාර්ලිමේන්තුව රැස්වූ දිනවලදී වැඩිපුරම සහභාගි වී ඇති ජනතා නියෝජිතයා අජිත් රාජපක්ෂ.

පාර්ලිමේන්තුව රැස්වූ දිනවලදී වැඩිපුරම සහභාගි වී ඇති ජනතා නියෝජිතයා අජිත් රාජපක්ෂ.

9 වැනි පාර්ලිමේන්තුව රැස්වූ දින 390න් අජිත් රාජපක්ෂ දින 384ක්ම පැමිණිලාපසුගිය 9 වැනි පාර්ලිමේන්තුව දින 390ක් රැස්වී ඇති අතර ඉන් දින 384ක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වී එම පාර්ලිමේන්තුවේ සියලුම ජනතා නියෝජිතයින්ගෙන් වැඩිපුරම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වී ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතායි.ඒ අනුව 9 වැනි පාර්ලිමේන්තුව රැස්වූ දින 390න් දින 384ක්ම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වී වැඩිපුරම දින සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට පැමිණි ජනතා නියෝජිතයා වශයෙන් හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හැඳින්වීමට හැකි බව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා ද සනාථ කරයි.මීට අමතරව හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විවිධ කමිටු රැස්වීම්වලටද තම දායක්ත්වය දක්වා ඇති අතර පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සිදුකරන ශිෂ්‍ය පාර්ලිමේන්තුවට වගේම එම සන්නිවේදන අංශය මඟින් සිදුකරනු ලබන වැඩසටහන් රැසකට ද දායක වී තිබේ.රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට නම් නියෝජිත ප්‍රජාතන්‍ත්‍රවාදය ආරක්ෂක විය යුතු බවත් එම අරමුණ පෙරදැරිව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා එම මතවාදය රටේ පොදුජනයා අතරට ගෙනයාම සඳහා ද හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා දැඩි පරිශ්‍රමයක් දැරූ ජනතා නියෝජිත‌යෙක් වශයෙන් ද හැඳින්වීමට පුළුවණි.මෙරට ලාබාලතම ප්‍රාදේශීය සභා සභාපති ලෙස අම්බලන්තොට ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් දේශපාලනයට එක්වූ අජිත් රාජපක්ෂ මහතා වසර 20කට අධික කාලයක් දකුණු පළාත් සභාව නියෝජනය කරමින් හම්බන්තොට, මාතර, ගාල්ල දිස්ත්‍රික්කවල අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අති විශාල ජනතා මෙහෙවරක් විවිධ අංශවලින් සිදුකළ ජනතා නියෝජිතයෙක් වශයෙන් ද හැඳින්වීමට පුළුවණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img