මැති ඇමතිකම් වැටුප්, වාහන වරදාන වරප්‍රසාදවලින් තොර මහජන සේවාවක් සදහා තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් බදුවලින් සැප ගත් කාලය අවසන් කළ යුතු බවත් සර්ව ජන බලය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ මොණරාගල, ගාල්ල, මාතර, අම්බලන්තොට, මාතලේ, වැල්ලවාය ප්‍රදේශවල පෙරේදා (09) පැවති ජනහමු අමතමින්ය.ජනතාව වෙනුවෙන් අවංකව පෙනී සිටින හිත මිතුරු දේශපාලන භූමිකාව රටට අවශ්‍ය බැවින් එම යෝජනාවට රට වෙනුවෙන් ඇප කැප වන බව කියන රතු අතහැර රෝස පාට වූ සහෝදරවරුන්ටද පක්ෂ විය හැකි යැයිද හෙතෙම කිවේය.මහින්ද සුළගින් පසුව හැගීම් බර මිනිසුන් හමුවන යුගයක් අපේ දේශපාලනය පිළිබදව මහත්සේ උත්තේජනයට රටම පත්වන අවස්ථාවකට ඒළැඹ සිටිනවා. සර්ව ජන බලය ඔබගේ බලය සර්ව ජනයාගේ බලය සේම පදක්කම ඔබගේ පදක්කම. පදක්කම තවත් කෙනෙක් මත පලදවන පදක්කමක් මිස තමන් දාගන්න ඒකක් නොවෙයි. ඔබ හරිම වාසනාවන්තයි. රටේ දේශපාලනය විනාශ මුඛයට ඇද වැටිලා. විනාශ කලා. දේශපාලනය නැති කරලා. හිටපු ජනාධිපතිවරයා කියනවා පළපුරුදු අය පාර්ලිමේන්තුවට ඒවන්නලු. කවුද පළපුරුදු අය ඉන්නේ ඒතුමා පමණයි. කෙතරම් පළපුරුද්දක් තිබේද කිවුවොත් ඔහු ඔහුගේ පක්ෂයත් විනාශ කලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අවසන් කළා. අන්තිමටෙපාහොට්ටුවත් ඉවර කලා. සජබය නැතිම කලා. ජෙවිපියත් නැත්තටම නැති කළා. දැන් රෝස පාට කරලා. ඔබ නියෝජනය කරන්නේ කවුද?. ගමේ ගුණ සුවද තියෙන දුප්පත් ජනතාව නියෝජනය කරන්නේ කවුද? දේශප්‍රේමීන්ගේ නියෝජතයා කවුද? ජාති ආගම් සම්භ්‍යත්වයට ආදරය කරන බව කියූ තඹුත්තේගමින් ආපු ජනාධිපතිතුමා කොළඹදී අතරමං වෙලා. හාමු මහත්තයා කොළඹදී බය කරලා. ඒන්.ජී.ඹී කාරයෝ ඩයස්පෝරාව බය කරගෙන. 230 කියන පිටුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආවේ භය නිසා. අහිංසකයා බය කරගෙන. ආදරණීය මාතෘත්තවය කාන්තාවට දුක් දෙන්නට ඉඩක් දෙන්නේ නැහැ. ඒඩිතර විපක්ෂය ලෙස අපි පාර්ලිමේන්තුවට යන්නේ. ජාතිකත්වය ශිෂ්ඨාචාරය මත පදනම්වයි. අපේ උරුම විනශ කලේ ආර්මාත්ථකාමී බල වේග. ඩොලර් සංහිදියාව සදහා උතුරේ දකුණේ නැගෙනහිර නැති ජාතිවාදය අවුස්සනවා. විශ්වාසයෙන් ගොඩ නැගෙන ආදාරයේ සෙනෙහසේ ජාතිකත්වය මිසක් ඩොලර්වලට ජාතිකත්වයක් ගොඩ නගන්න බැහැ. රටක් ඒකමුතු කරන්න බැහැ. කියන්නේ ලිබරල් සංහිදායාව . ඒවැන්නක් නැහැ. අපි යන ගමන දර්ශණය නිවැරදිව තේරුම් ගන්න. මේ ගමන ඔබගේ ජීවිතය වෙනස් කළ හැකි දේහාපලන සදහා පමණයි. පසු ගිය මැතිවරණයේදී වෛරයෙන් ක්‍රෝධයෙන් අපේ අය ගියේ. හේතුව දූෂිත දේශපාලනය. තිබුණේ මාලිමාව විතරයි. ගහනව කතිරය නරකම ඒකට කියලා දුන්නා. සියල්ල අධ්‍යනයනය කරලා නූතනත්වයට ගැලපෙන තාරුණ්‍යයට පිළිගත හැකි ජාතිකත්වය මත පණ ගැන්වෙන තාත්වික හා විද්‍යාත්මක වැඩ පිළිවෙලක් ඇති සර්ව ජන බලය ඒඩිතර පක්ෂය. යකෙකුටවත් බය නැහැ. ගෙවල් 72ක්ගිනි තියලා තමයි ඔය පක්ෂය බලයට ආවේ. අපි ගිනි නිවනවා. බය කරගෙන කරන දේශපාලනයට අපිව කොහොමත්ම බය කරන්න බැහැ. ජාතියේ පදක්කම මත ආදරයේ සෙනෙහසේ කතිරය සළකුණු කරන්න. ඔබ සටහන් කරන කතිරය මේ රටේ සුවහසක් ජනතාවගේ ගිනි කන්ද නිවන කතිරයක් වනු ඇති. මෙතෙකල් ඔබ දුන් කතිරයට ජීවිතයේ වෙනසක් වුණේ නැහැ. මෙදා සළකුණු කරන කතිරයෙන් අනිවාර්යෙන්ම ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කිරීමට සර්ව ජල බලය සූදානම්. සහතික කරලා කියනවා. මම පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මැති ඇමතිවරුන්ට මහජන සේවකයින්. ඔවුන්ට වැටුප් අවශ්‍ය නැහැ කියලා .වහාන වරපුසාද අවශ්‍ය නැහැ. ජනතා සේවය කරනවා නම් කැප කිරීමක් කරන්න සූදානම්විය යුතුයි. ජනතාවගේ බදුවලින් සැප විදින්න අවශ්‍යද. වරප්‍රසාදවලින් තොර දේශපාලනයක් ජනතාව වෙනුවෙන් අවංකව පෙනී සිටින කණඩායමක් විය යුතුයි.ජාතික සංවිධායක හේම කුමාර නානායක්කාර මහතා මාලිමාව ජනාධිපතිවරණ වේදිකාව පලු ගැහැවේ ජනතාවට දැනෙන සහන දෙනවා. ජනාධිපතිවූ වහාම විදුලි බිල සියයට 40න් අඩු කරනවා. වැටි බදු අඩු කරනවා ඒ තුලින් ආහාර පාන වල මිළ අඩු කරනවා කීවා. සිදුවුණේ අපි ලාභෙට ගන්න කන පරිප්පුවලටත් බදු ගැහුවා. මැති ඇමතිවරුන්ගේ දූෂණ ගැන කියමින් ඛණිජ තෙල් සංසථාව දූෂණ ගුහාවක් කියලා ඔවුන් පැමිණි වහාම ඩීසල් පෙට්‍ර්ල් ලීටරයක මිළ රුපියල් 50/= අඩු කරනවා කීවා. බොරු කියලා ජනතාව මුලා කලා. කියපු ෙබාරුවලට රැවටිලා ජනතාව ජන්දේ දුන්නා මාලිමාවට. මාලිමාවේ ඇතැම් කණ්ඩායමි කියනවා දැන් දැන දැනයි බොරු කීවේ කියලා පිළිගන්නවා. ඔවුන් බොරු කියලා ජනතාවගේ ජන්දය පිංපොකට් ගහ ගත්තා. සර්ව ජන බලය නායකයා ඇත්ත ජනතාව හමුවේ කථා කරන්නේ. ව්‍යවසායකත්වය පිළිබදව අපි ජනතාව ඉදරියේ කථා කරන්නේ. සියළුම ජාතික සමගියට අපි ඇත්ත කථා කළා. මම කැට තියලා කියන්න නම් මැතිවරණයෙන් පස්සේ සමගි ජන බල වේගය කෑලි කෑලිවලට කැඩී යනවා. ගෑස් ටැංකිය ගැන කථා කරන්න දෙයක් නැහැ. රනිල් කියන්නේ කපටි කමේ උපරිය. ගල් පලන් මද කාලා වදුරන්ගෙන් බණ අහපු බඩුවක් රනිල් කියන්නේ. නරින්ටත් කපටිකම් ටියුෂන් දෙන මනුෂයෙක්. කපටිකම කොතරම්ද කිවුවොත් අලියත් කැලේට පන්නලා දැම්මා. අවසාන ජවනිකාව යන්නේ. මාලිමාව ඉවරයි. දුරකථනය ඉවරයි ගෑස් සිලින්ඩරය අහවරයි. රට ගොඩ නගන්න අද පදක්කම වටා ජනතාව රොක් වෙමින් සිටිනවා. ඒදා අපිට ඉගැන්නුවේ පළමුව අධ්‍යාපනය. දෙවනුව දේශපාලන වැඩ කියලා. හැමදාම සටන් . කවුද සටන් ඉගැන්නුවේ. ජනතා විමුක්ති පෙරමුණ සටන් සංස්කෘතිය ඉගැන්නුවේ.වෘත්තීය සටන් ව්‍යාපාරය විසුරුවා හරින්න අපි දෙන්නේ නැහැ. මාලිමාව අද වේදිකාවේ විහිළු සපයනවා. මැතිවරණවලට රට තල්ලු කලේ ආර්ථික අර්බුදයක දිගුවක් ලෙසයි. ගොඨාභය ඒලවලා රනිල් අස්වාභාවික ලෙස ඇවිල්ලා ජනාධිපතිවරණය පැවැත්වුවා. මේ අර්බුදයේ දිගුවක් . මේ අර්බුදය තවම විසදිලා නැහැ. මේ අර්බුදයේ කේන්ද්‍රීය කාරණය ණය. ණය ප්‍රමාණය ගොඩ ගැහෙනවා. මේ ආණ්ඩුව තව මිලියන 1000ක් ගොඩට ඒකතු කලා.විපක්ෂය කකුලෙන් අදින ඒකයි කරන්නේ. හොද දේ කලත් නරක දේ කලත් කකුලෙන් අදින න්‍යාය විපක්ෂයේ තිබෙන්නේ. සර්ව ජන බලය තාවකලික විපක්ෂයක් වෙයි. නමුත් මේ රටේ ඒඩිතර ශක්තිමත් බලයක් සමග රට භාර ගන්න ආණ්ඩුව අපි සූදානම්.

























